BREAKING NEWS
Search

ලංකාවේ ලොකුම ගංජා ජාවාරම්කරුගේ රු කෝටි 10ක දේපොළ තහනම් කරයි

795

දිවයිනේ විශාලතම ගංජා ජාවාරම්කරු බවට ආරක්ෂක අංශ සැක පළකරන ඇඹිලිපිටියේ පදිංචි ජේ.ඒ.ජයසිංහ හෙවත් ‘බතල හීන්මහත්තයා’ නමැත්තාට අයත් රුපියල් කෝටි 10ක පමණ වටිනා දේපොළ අද (28) නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය විසින් තහනම් කරනු ලැබීය.

ඊට ඇඹිළිපිටිය මහ රෝහල ඉදිරිපිට පිහිටි ෆාමසියක් සහිත තෙමල් ගොඩනැගිල්ලක්,චන්ද්‍රිකා වැව ඉදිරිපිට පිහිටි හෝටලයක් ඇතුළත්ය.

මෙම දේපළ අදාළ පුද්ගලයාගේ බිරිඳගේ නමින් මිලදීගෙන ඇති අතර ඒ සඳහා මුදල් උපයාගත් ආකාරය ප්‍රකාශ කිරීමට ඔවුන්ට නොහැකි වී තිබේ.

ඒ අනුව අදාළ දේපළ දින 7ක කාලයකට තහනම් කෙරුණි.

සිද්ධියට අදාළව අත්අඩංගුවට ගැනුණු සැකකරු හෙට (29) වැල්ලවාය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය භාර නියෝජ්‍ය පොලිස්පති පවිත්‍ර දයාරත්න, එම කොට්ඨාසයේ අධ්‍යක්ෂ පොලිස් අධිකාරී සුජීව විජේසේන හා ප්‍රධාන පොලිස් පරීක්ෂක සම්පත් රාජකරුණා යන මහත්වරුන්ගේ මෙහෙයවීමෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

පොලිස් සැරයන් 1679 විඡේසිංහ සහ 38201 සංජීව කොස්තාපල් 104576 විදානපතිරන අය ද මෙම මෙහෙයුමට දායක වී ඇත.

Ada Derana




Leave a Reply

Your email address will not be published. Required fields are marked *