BREAKING NEWS
Search

දේශපාලනයෙදී ආචාර්ය, මහාචාර්ය, ඉංජිනේරු, වෛද්‍ය තනතුරු දාගැනීම ලෙඩක් වගේ බෝවෙලා..! – ආචාර්ය නිර්මාල් රංජිත්

34

දේශපාලනයේදී ආචාර්ය මහාචාර්ය තනතුරු දාගැනීම ලෙඩක් තරමට බෝවී ඇතැයි තොළඹ විශ්ව විද්‍යාලයේ ඉතිහාස අධ්‍යනාංශයේ ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා සඳහන් කරයි.

සති අන්ත පුවත්පතක් වෙත ඔහු මෙම අදහස් පළ කර තිබේ.

“මහාචාර්ය තනතුරක් කියන්නෙ යම්කිසි විෂයකට අදාළව තියෙන දෙයක්නෙ. දේශපාලනයෙදී ආචාර්ය, මහාචාර්ය, ඉංජිනේරු, වෛද්‍ය ආදී වශයෙන් තනතුරු නාම දාගන්න එක ලෙඩක් තරමටම බෝවෙලා තියෙනවා. ඒක සමාජය ඇතුළෙ සාකච්ඡා වෙන්න ඕන දෙයක්.

ඒ නිසා මහාචාර්ය තනතුරු අවභාවිත කරනවා. විශ්ව විද්‍යාල වලින් අයින් වුණාට පස්සෙ මහාචාර්ය නාමය පාවිච්චි කරන්න බෑ. සම්මානිත මහාචාර්ය තත්ත්වය හම්බ වෙන අයට විතරයි ඒ නාමය දිගටම පාවිච්චි කරන්න පුළුවන්. මහාචාර්ය තනතුර හිමි වෙන්නෙ විශ්ව විද්‍යාලයේ සේවය කරන තෙක් විතරයි”




Leave a Reply

Your email address will not be published. Required fields are marked *