මහින්දානන්ද අලුත්ගමගේ මහතා සහ නලින් ප්‍රනාන්දු මහතා ට සිර දඬුවම් නියම වීම සම්බන්ධයෙන් දිලිත් ජයවීර මහතා අදහස් දක්වා සිටියා.
එම අදහස් දැක්වීම පහතින්.
‘කීප දෙනෙක් ඇතුළට දාලා තියෙනවා. දැඩි දඬුවම් දීලා තියෙනවා,
දැන් සමස්තයක් හැටියට ගත්තම දඬුවම් දීම හොඳයි, නමුත් මේ හොරු ඇල්ලීම මගින් ජනතාවට යමක් ලැබිය යුතුයි.
ඉතින් සමස්තයක් හැටියට මේ හොරු අල්ලලා ජනතාව බලාපොරොත්තු වුණේ තමන්ගේ ඡන්දයෙන් හොරුන් විසින් හොරකම් කරන ලද ධනය නැවත ලබාගෙන මේ රටට සුඛිත මුදිත තත්ත්වයක් ඇති කරන්න පුළුවන් කියලා ජනතාව අහිංසකව අපේක්ෂා කළා.
එතකොට කැරම් බෝඩ් ටික ජනතාවට බෙදා දීලා, දාම් බෝඩ් ටික ජනතාවට බෙදා දීලා තියෙන තත්ත්වයක් තුළ දෙවන අභිලාශය ඉෂ්ට වෙන්නේ නැහැ.
මොකද මේ දෙන්නා ඇතුළට ගිහින් තියෙන්නේ කැරම් බෝඩ් අරගෙන ජනතාවට බෙදා දීලා මිසක් ගෙදර අරන් ගිහිල්ලා නෙමේනේ.
ඔවුන් කියපු හොරු අල්ලන අඛ්යානය මෙතන ඒ විදියට ඉෂ්ට වෙන්නේ නැහැ.
ඒක නිසා මම හිතනවා අර කියපු ලොකු අර හොරු ටික අල්ලලා, ඒ ගොල්ලෝ එක්ක ඩීල් තියෙනවා නම් මන් හිතන්නේ ඒක වෙන්නේ නැති වෙයි.
ලොකු හොරු කීප දෙනෙක් ජනතාව බලාපොරොත්තුවෙන් ඉන්නවා අල්ලලා කුදලාගෙන ඇවිල්ලා සොරාගත් ධනය ලබාගෙන ඒක ජාතික ධනයට එකතු කරලා මේ මිනිස්සුන්ගේ ජීවන මට්ටම ඉහළ ට දායි කියලා.
ජනතාව බලාපොරොත්තු වෙන්නේ අන්න ඒ හොරු ටික අල්ලනකම්, විශාල හොරු ටිකක් ඉන්නවනේ අන්න ඒ හොරු අල්ලනකම් තමයි ඉන්නේ. හැබැයි මෙහෙම වෙල්ඩින් කරලා මේක බේරගන්න බැරි වෙයි කියලා මම හිතන්නේ.
මොකද ඔවුන්ගේ ප්‍රධාන අඛ්යානය වුණේ ඡන්දය පුරාම හොරු ඇල්ලීම, දැන් හොරු අල්ලන්න ඕන, හැබැයි හොරු අල්ලනවා නම් ජනතාව රවට්ටන්න බා.
ජනතාව බලාපොරොත්තු වෙනවා සැබෑ හොරු ටික අල්ලනකම්, අල්ලලා ධනය ගේන්නත් ඕන නිකම් බෑ’
Source – A5 News Sri Lanka