ඉරානයට එරෙහිව පවතින යුදමය තත්ත්වය උත්සන්න වෙමින් තිබුණද, රජයේ කටයුතු කිසිවක් අඩපණ වී නොමැති බව එරට ජනාධිපති Masoud Pezeshkian මහතා ප්‍රකාශ කර තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කරන පරිදි, රට පුරා පිහිටි සියලු රාජ්‍ය ආයතන සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වන අතර, ජනතාවට අවශ්‍ය අත්‍යවශ්‍ය සේවාවන් අඛණ්ඩව සපයමින් පවතින බව ජනාධිපතිවරයා අවධාරණය කර ඇත.
සමාජ මාධ්‍ය ජාලය වන X හි සටහනක් තබමින් ඔහු සඳහන් කර ඇත්තේ, වර්තමාන ආරක්ෂක අභියෝග හමුවේ මධ්‍යම රජය සහ ප්‍රාදේශීය පාලන ආයතන අතර සමීප සම්බන්ධතාවයක් පවතින බවයි. ඒ අනුව, ප්‍රදේශීය මට්ටමින් ගනු ලබන තීරණ සහ මධ්‍යම රජයේ මාර්ගෝපදේශ අතර සම්බන්ධතාවය ශක්තිමත් බවද ඔහු පෙන්වා දී තිබේ.
ප්‍රහාර එල්ල වන පසුබිමක වුවද, දෛනික ජන ජීවිතයට සම්බන්ධ කටයුතු, රාජ්‍ය සේවා සහ සංවර්ධන ව්‍යාපෘති අඛණ්ඩව ක්‍රියාත්මක වන බව ජනාධිපතිවරයා වැඩිදුරටත් සහතික කර ඇත.
රට තුළ සාමාන්‍ය තත්ත්වය පවත්වා ගැනීම සඳහා සියලු අංශ එක්ව කටයුතු කරමින් සිටින බවද එම ප්‍රකාශයෙන් අවධාරණය වෙයි.







