BREAKING NEWS
Search

සිදු වූ ආපදාව, දේශපාලනය වෙනුවෙන් යොදා නොගත යුතුයි – විපක්ෂ නායක

175

 

 

ශ්‍රී ලංකාවට සිදු වූ ආපදාව දේශපාලනය වෙනුවෙන් යොදා නොගත යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

ජීවිත අහිමි වූ ජනතාවට සිදු කරන විශාලතම යුතුකම වන්නේ, මෙම හානිය අවම කර ගැනීමට කටයුතු කිරීමට නොහැකි වූයේ ඇයිදැයි යන්න සොයා බලා, එයට පිළියම් යෙදීම බවයි අද (03) පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් විපක්ෂ නායකවරයා සඳහන් කළේ.

එසේම, පවතින ආපදා තත්ත්වයට ගැලපෙන නව අයවැයක් ඉදිරිපත් කරන ලෙසත්, ලෝක ආධාර සමුළුවක් පැවැත්වීමටත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කර නව වැඩසටහනකට යොමු විය යුතු බවට තමා යෝජනා කරන බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා.

Source – Esana News




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!