BREAKING NEWS
Search

ආණ්ඩුවේ අධි තක්සේරුව ඉවරයි. සමගි ජනබලවේගයේ වර්ධනයක්… හර්ෂ කියයි

796

ආණ්ඩුවේ ඡන්ද ප්‍රතිශතය ඉතාමත් කෙටි කාලයක් තුළ සැලකිය යුතු ප්‍රමාණයකින් අඩුවී තිබීම තුළින්, වත්මන් ආණ්ඩුවේ ජනප්‍රියතාවය හීන වෙමින් යන බව පෙන්නුම් කෙරෙන බව සමගි ජන බලවේගය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පවසනවා.

මන්ත්‍රීවරයා මේ බව සඳහන් කර තිබුණේ, නිකුත් වෙමින් පවතින 2025 පළාත් පාලන ඡන්ද විමසීමෙහි ප්‍රතිඵලවට අදාළව අදහස් දක්වමින් සිය ෆේස්බුක් ගිණුම වෙත සටහනක් එක්කරමින්.

එමෙන්ම සමගි ජන බලවේගය ඡන්ද ප්‍රතිශතය වැඩිකර ගැනීමට සමත්ව තිබෙන නමුත් එය ප්‍රමාණවත් යැයි තමා නොසිතන බවත් මන්ත්‍රීවරයා සඳහන් කර තිබෙනවා.

එම සම්පූර්ණ සටහන පහතින්…

”ආණ්ඩුවේ අධි තක්සේරුව ඉවරයි. සමගි ජන බලවේගයේ වර්ධනයක්..
පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵල වලින් බොහෝ ප්‍රමාණයක් මේ වනවිටත් නිකුත් වී තිබේ.
මේ නිසා, මෙම ප්‍රතිඵල පිළිබඳව දළ අදහසක් ගත හැකිය.

මෙහිදී කැපී පෙනෙන කාරණය වන්නේ ආණ්ඩුවේ අධිතක්සේරුව සුණු විසුණු වී යාමයි.
ආණ්ඩුවේ ඡන්ද ප්‍රතිශතය ඉතාමත් කෙටි කාලයක් තුළ සැලකිය යුතු ප්‍රමාණයකින් අඩුවී තිබීම තුළින් පෙන්වන්නේ මේ ආණ්ඩුවේ ජනප්‍රියතාවය හීන වෙමින් යන බවයි.

සමගි ජන බලවේගය ලෙස අපි ඡන්ද ප්‍රතිශතය වැඩිකර ගැනීමට සමත්ව තිබෙන නමුත් එය ප්‍රමාණවත් යැයි මා නොසිතමි.
කෙසේවෙතත්, එම වර්ධනය අලුත් ඇරඹුමකට මග පාදනු ඇත.

මා පුද්ගලිකව විශ්වාස කරන්නේ අපි රටක් ලෙස ජයග්‍රණය කළ යුතු බවයි. මේ නිසා, අපි වත්මන් ජනවරමට ගරු කරන අතර වැදගත් අවස්ථා වලදී රට ඉදිරියට රැගෙන යාමට අපිට හැකි සහයෝගයද වත්මන් ආණ්ඩුවට ලබාදීමට මා මැළි නොවෙමි.

එසේම, විපක්ෂයේ කාර්ය භාරය වඩාත් ශක්තිමත්ව සිදුකිරීමට අපි විසින් නායකත්වය ලබාදෙන අතර පළාත් පාලන මැතිවරණ කටයුතු වෙනුවෙන් අප වෙත සහයෝගය ලබාදුන් සියළුම දෙනාටත් කෝට්ටේ ආදරණීය ජනතාවටත් මා හදවතින්ම ස්තූතිවන්ත වෙමි.

පසුගිය මැතිවරණ කාල සීමාව තුළදී ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ අපගේ තරගකරුවන්, පාක්ෂිකයින් සහ සහයෝගය ලබාදුන් සියලුදෙනා දැඩි පරිශ්‍රමයකින් කටයුතු කළ අතර අප වැඩිකරගත් ඡන්ද ප්‍රතිශතය තුළින් එම කැපවීමට යම් සාධාරණත්වයක් ඉටුවී තිබේ.

ඉදිරියේදී මෙම වර්ධනය නිසැකවම තවත් ඉදිරියට යන අතර අප ගමන් කරන්නේ ජයග්‍රහණය කරා යැයි මා අවධාරණය කරමි.”

News Center




Leave a Reply

Your email address will not be published. Required fields are marked *