BREAKING NEWS
Search

ලොවම කළඹමින් අතුරුදන් වූ ඉන්දුනීසියානු ගුවන් යානය ගැන දැන් ලැබුණු අලුත්ම ආරංචිය..

5248

 

 

පුද්ගලයින් 11 දෙනෙකු සමගින් අතුරුදන් වූ ඉන්දුනීසියානු ගුවන් යානයේ සුන්බුන් ඉන්දුනීසියානු බලධාරීන් විසින් සොයාගෙන තිබෙනවා.

ඒ අනුව මෙම යානයේ සුන්බුන් ඉන්දුනීසියාවේ දකුණු සුලවේසි හි බුලුසරවුන් කන්දේ තිබී එම බලධාරීන් විසින් සොයාගෙන ඇත.

යානයේ සුන්බුන් හමුවූ නමුත් එහි සිටි පුද්ගලයින් පිළිබඳ මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැති අතර එම පිරිස සොයා ඉන්දුනීසියානු බලධාරීන් විශේෂ සෝදිසි මෙහෙයුමක්ද ආරම්භ කර තිබේ.

මෙම යානය ඉන්දුනීසියානු සමුද්‍ර කටයුතු සහ ධීවර අමාත්‍යාංශයට අයත් බවට තොරතුරු අනාවරණය විය.

ATR 42-500 වර්ගයේ ගුවන් යානාවක් වූ මෙම යානය  (17) දිනයේදී අතුරුදන් වූ අතර අතුරුදන් වන අවස්ථාවේ එම යානයේ පුද්ගලයින් 11 දෙනෙකු සිට තිබුණා.

ඉන්දුනීසියාවේ මැකස්සාර් නගරයට ආසන්න ප්‍රදේශයකදී මෙම යානය අතුරුදන්ව තිබුණි.

Source – Hiru Gossip




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!