BREAKING NEWS
Search

මාස 4ට බිලියන 1402ක් ඉල්ලමින් අතුරු සම්මතය ගෙනෙයි – වැඩිම මුදල ප්‍රවාහන, මහාමාර්ග, වරායට

28

මාස 4ට බිලියන 1402ක් ඉල්ලමින් අතුරු සම්මතය ගෙනෙයි –  වැඩිම මුදල ප්‍රවාහන-මහාමාර්ග-වරායට.. බිලියන 220යි! මුදල් අමාත්‍යංශයට බිලියන 186යි! ආරක්ෂාවට බිලියන 142යි! අධ්‍යාපනයට බිලියන 92යි! පශු සම්පත්-ඉඩම් බිලියන 67යි! I

2025 වසරේ පළමු මාස 04 සඳහා ඉදිරිපත් කළ අතුරු සම්මත ගිණුමෙන් රජයේ කටයුතු පවත්වාගෙන යාම සහ දැනට ආරම්භ කර ඇති ව්‍යාපෘති නොනවත්වා ඉදිරියට පවත්වාගෙන යාම සඳහා වෙන්කර ඇති මුදල රුපියල් බිලියන 1,402කට ආසන්න ය.

ඒ අනුව වැඩිම මුදලක් වෙන්කර ඇති අමාත්‍යාංශය වන්නේ ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයටය.

එම ප්‍රමාණය රුපියල් බිලියන 220.06කි.

මුදල් ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය සඳහා රුපියල් බිලියන 186.02ක්ද, රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය සඳහා රුපියල් බිලියන 170.47ක්, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සඳහා රුපියල් බිලියන 161.99ක්ද, ආරක්ෂක අමාත්‍යාංශය සඳහා රුපියල් බිලියන 142.95ක්ද මෙම අතුරු සම්මත ගිණුමෙන් වෙන්කර තිබේ.

අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යංශය සඳහා වෙන්කර ඇති මුදල රුපියල් බිලියන 92ක් වන අතර කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය සඳහා වෙන්කර ඇති මුදල රුපියල් බිලියන 67.36කි.

Sourc : Ada Derana




Leave a Reply

Your email address will not be published. Required fields are marked *