BREAKING NEWS
Search

“ලොවක් මැද පුතු තනිවුණාද දැක මරණිනුත් නැගිටීය අම්මා….” නිමේෂා දයාරත්න මහත්මියගේ හදිසි සමුගැනීමෙන් රජරට සරසවියම හඬයි!

6464

 

 

ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ සමාජීය විද්‍යා හා මානවශාස්ත්‍ර පීඨයට අතිශය ශෝකජනක පුවතක් වාර්තා වනවා.

ඒ එම විශ්වවිද්‍යාලයේ භාෂා අධ්‍යයනාංශයේ, ජපන් භාෂාව පිළිබඳ හිටපු කථිකාචාර්යවරියක වූ නිමේෂා දයාරත්න මහත්මියගේ හදිසි අභාවයයි.

ප්‍රියමනාප ගුරුවරියක මෙන්ම ජපන් භාෂා අධ්‍යාපනය වෙනුවෙන් මහත් සේවයක් කළ ඇයගේ මෙම හදිසි නික්ම යාම ගැන ඇයගේ සමකාලීනයන් මෙන්ම සිසු සිසුවියන් ද පසුවන්නේ දැඩි කම්පනයකින්.

නිමේෂා දයාරත්න මහත්මියගේ අභාවය සම්බන්ධයෙන් රජරට විශ්වවිද්‍යාලයේ ආදි සිසුන් සහ සහෝදර කථිකාචාර්යවරුන් සමාජ මාධ්‍ය තුළ විවිධ ශෝකී සටහන් තබා තිබුණා.

“පැල්පතෙත් මැදුරෙත් එකසේ ඇගෙ ළයෙහි ඉපදුණු පෙමය සම්මා… දෙතනේ කිරිදී පුතු වැඩෙද්දී ගැලූ සතුටට නොවේ නිම්මා… ඈ නොනැගී මං පුතු නගිනු දැක සිතින් රන්-මිණි කිරුළ දැම්මා… ලොවක් මැද පුතු තනිවුණාද දැක මරණිනුත් නැගිටීය අම්මා….”

රජරට විශ්වවිද්‍යාල ප්‍රජාව පවසන්නේ ඇය ඉතාමත් නිහතමානී සහ මනුෂ්‍යත්වයෙන් පිරි තැනැත්තියක වූ බවයි. ඇයගේ අභාවය පිළිබඳ පුවත සැලවීමත් සමඟ බොහෝ දෙනෙක් සිය ශෝකය පළ කර සිටියා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *