BREAKING NEWS
Search

දක්ෂිණ අධිවේගී මාර්ගයේ තිබෙන එකම Rest Area එක අවුරුදු 99කට බදු දීලා රුපියල් 10,000 කට – බිමල් රත්නායක

1080

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ශක්‍යතා අධ්‍යයනයට විරුද්ධව ගොස් සිදුකරන ලද ක්‍රියා රාශියක් ඇති බව ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක පවසනවා.

ඒ අනුව දක්ෂිණ අධිවේගී මාර්ගය පුරාවටම ඇත්තේ එකම එක විවේකී කලාපයක් පමණක් බවත්, එම කලාපය අවුරුදු 99 ක කාලයක් සඳහා රුපියල් 10,000 ක බදු මුදලකට ලබාදී ඇති බවයි අද (20) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ.

දක්ෂිණ අධිවේගී මාර්ගයේ අන්තර් හුවමාරු පෙර රජයේ සිටි අයගේ නිවෙස් වෙත යාමට ස්ථාපිත කරගෙන ඇති බවද, එසේ තිබියදී අද ඔවුන් අපට ‘බණ කීමට’ පැමිණෙන බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

රාජපක්ෂවරුන්ගේ ගෝලයින් ලෙස කටයුතු කළ ඇතැම් නිලධාරීන් සමහර අන්තර් හුවමාරු ස්ථාපිත කිරීමට ඉඩ ලබානොදුන් බවයි ඔහු වැඩිදුරටත් පවසා සිටියේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!