BREAKING NEWS
Search

කොට්ටහච්චිට අපහාස කළ හිටපු මන්ත්‍රීට ඇප..!

31

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාස කළ බව කියන මිල්ලනිය ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නම්මුනි මහතා ඇප මත මුදා හරින ලෙස අධිකරණය නියෝග කර තිබේ.

සැකකරු අද (03) කොළඹ අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී සැකකරු ලක්ෂ 5ක ශරීර ඇපයක් මත මුදාහැරීමට මහෙස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රීනි නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසාත්මක වන ආකාරයේ සටහනක් සමාජ මාධ්‍යයේ පළ කළේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් සැකකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන ඒකකය විසින් මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කර තිබුණි.

 

Ada Derana




Leave a Reply

Your email address will not be published. Required fields are marked *