BREAKING NEWS
Search

අවුරුදු කෑම මේසේ මිල ගිය වසරට වඩා 7%කින් ඉහල ගිහින්… සමීක්ෂණයකින් හෙලි වුනු ඇස් උඩ යන හෙලිදරව්ව මෙන්න.

26

මෙවර අලුත් අවුරුදු කෑම මේසයේ වියදම පසුගිය වසරට සාපේක්ෂව 7%කින් ඉහළ ගොස් ඇති බව වෙරිටේ රිසර්ච් ආයතනය පවසනවා.

කොළඹ දිස්ත්‍රික්කයේ විවෘත වෙළෙඳපොළ සතිපතා සාමාන්‍ය මිල, අමතර දත්ත සහ ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ මූලාශ්‍ර පදනම් කරගනිමින් ඔවුන් මෙම සමීක්ෂණය සිදුකර ඇත.

කිරිබත් කෑලි 10ක්, කෙසෙල් කිලෝග්‍රෑම් 1ක්, අලුවා කෑලි 15ක්, කේක් කිලෝග්‍රෑම් 1ක්, දොදොල් කිලෝග්‍රෑම් 1ක්, කොණ්ඩ කැවුම් 20ක්, මුංකැවුම් 15ක් සහ කොකිස් 20ක මිල ගණන් මත මෙම සමීක්ෂණයට සිදුකර තිබේ.

ඒ අනුව වෙරිටේ රිසර්ච් ආයතනය පවසන්නේ අලුත් අවුරුද්දේ අවුරුදු කෑම මේසයේ මිල ගණන් ඉහළ ගොස් ඇති බවය.

කෙසේ වෙතත් රස කැවිලි නිෂ්පාදකයින් මෙවර අලුත් අවුරුදු සමයේදී රසකැවිලි ඉල්ලුම පහළගොස් ඇති බව පෙන්වා දෙයි.

අමුද්‍රව්‍ය මිලට සාපේක්ෂව රස කැවිලි මිල ගණන්ද ඉහළ යාම නිසා ඊට ඇති ඉල්ලුම පහළ ගොස් ඇති බව රස කැවිලි නිෂ්පාදකයින් පවසයි.

Ada Derana




Leave a Reply

Your email address will not be published. Required fields are marked *