BREAKING NEWS
Search

මැදමුලනේ බලය රාජපක්ෂවරුන්ගෙන් ගිලිහෙයි

249

චන්ද්‍රසේන ගමගේ)

මෙරට ප්‍රබල දේශපාලන චරිතයක් වූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිජබිම වූ මැදමුලන ඡන්ද කොට්ඨාශය ඊයේ(06)දින පැවති පළාත් පාලන මැතිවරණයේදී ජයග්‍රහණය කරන්නට ජාතික ජනබල වේගය සමත් වී තිබේ.

මෙවර පළාත් පාලන මැතිවරණයේදී වීරකැටිය ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයට අයත් මැදමුලන ඡන්ද කොට්ඨාශයෙන් ඡන්ද 1 ,115 ක් ලබා ගැනීමට ජාතික ජනබලවේගයට හැකි වී ඇති අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ලබා ගැනීමට හැකිව ඇත්තේ ඡන්ද 768 ක් පමණි.

දීර්ඝ කාලයක් තිස්සේ මැදමුලනේ දේශපාලන බලය හිමිව තිබුණේ රාජපක්ෂ වරුන්ට වුවද මෙවර මැතිවරණයේදී එම බලය රාජපක්ෂ වරුන්ගෙන් ගිලිහී ගොස් තිබේ.

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *