BREAKING NEWS
Search

ගැරඬිඇල්ලේ ඛේදවාචකය යලි අලුත් වෙයි. මේ ඒ ගැන ඇසෙන අලුත්ම කඳුළු කතාව

2341

කොත්මලේ රම්බොඩ ගැරඩි ඇල්ල ප්‍රදේශයේදි ඉකුත් 11 වන දින සිදු වු බස්රථ අනතුරින් බරපතල ලෙස තුවාල ලබා ගම්පොළ මූලික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි තරුණයෙකු (14) දින උදෑසන මිය ගිය බව කොත්මලේ පොලිසිය පවසනවා.

මෙසේ මියගොස් ඇත්තේ තිස්සමහාරාම ප්‍රදේශයේ පදිංචි අවුරුදු 21ක තරුණයෙකු බවයි පොලිසිය පවසා සිටියේ.

එම බස් රථ අනතුරින් මේ වන විට 23 දෙනෙකු ජීවිතක්ෂයට පත් වී 40 කට ආසන්න පිරිසක් නාවලපිටිය, ගම්පොළ, නුවරඑලිය යන මූලික රෝහල් වලද පේරාදෙණිය සහ මහනුවර යන ශික්ෂණ රෝහල් වල නේවාසිකව ප්‍රතිකාර ලබන බවයි කොත්මලේ පොලිසිය පවසා සිටියේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *