BREAKING NEWS
Search

පොලිස් අත්අඩංගුවේදී ගත් එක පින්තූරයකින් මුළු ලෝකයේම අවධානය දිනාගත් “ලෝකයේ හැඩකාරම සිරකරුවා”

189

2014 අවුරුද්දේ අමෙරිකාවේ 🇺🇸 කැලිෆෝනියා පොලිසිය විසින් ජෙරමි මීක්ස්ව අත්අඩංගුවට ගත්තු වෙලාවේ ගත්ත ‘මග්ෂොට්’ (Mugshot) එකක් නිසා එයාගේ මුළු ජීවිතයම උඩුයටිකුරු වුණා. එයාගේ නිල් පාට ඇස් සහ ආකර්ෂණීය පෙනුම නිසා අන්තර්ජාලය පුරා එයා “ලෝකයේ හැඩකාරම සිරකරුවා” විදිහට එක රැයකින් ප්‍රසිද්ධ වුණා.

ජෙරමි කල්ලි කණ්ඩායම් වලට සම්බන්ධ වැරදි නිසා මාස 13ක් හිර දඬුවම් වින්දා. හැබැයි එයා හිරේ ඉද්දීම ලෝකප්‍රකට මොඩ්ලින් ඒජන්සි (Modeling Agencies) එයා එක්ක ගිවිසුම් ගහන්න පෝලිමේ හිටියා. හිරෙන් නිදහස් වුණු ගමන්ම ජෙරමිට නිව්යෝර්ක් විලාසිතා සතියේ වේදිකාවට යන්න වාසනාව ලැබුණා.

අද වෙද්දී ජෙරමි තමන්ගේම ඇඳුම් විලාසිතා සන්නාමයක් පවත්වාගෙන යන, චිත්‍රපටවල රඟපාන සාර්ථක ව්‍යාපාරිකයෙක්. තමන් අතින් වුණු වැරදි ගැන පසුතැවෙන එයා දැන් දරුවන් පස් දෙනෙකුගේ ආදරණීය තාත්තා කෙනෙක් විදිහට ලොස් ඇන්ජලීස් වල ජීවත් වෙනවා 😎. ඇත්තටම ජීවිතේ කොයි වෙලාවේ කොහොම වෙනස් වෙයිද කියලා අපිට හිතාගන්නවත් බැහැ.

#JeremyMeeks #SuccessStory #USA #FashionIcon #SecondChance




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!