BREAKING NEWS
Search

ට‍්‍රම්ප් රුසියාවත් සටනට කැදවයි.. රුසියා තෙල් නැවක් අත්අඩංගුවට ගනී…

1629

අයිස්ලන්තය සහ බ්‍රිතාන්‍යය අතර උතුරු අත්ලාන්තික් සාගර කලාපයේදී සති දෙකක දැවැන්ත හඹා යාමකින් පසුව, රුසියානු ධජය සහිත තෙල් ප්‍රවාහන නෞකාවක් අත්අඩංගුවට ගැනීමට අමෙරිකානු හමුදා සමත්ව තිබේ.
අමෙරිකානු සම්බාධක ලැයිස්තුවට ඇතුළත් නෞකා පරීක්ෂා කිරීමේ සහ අත්අඩංගුවට ගැනීමේ විශේෂ හමුදා මෙහෙයුමක කොටසක් ලෙස මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇත.

නෞකාවේ අනන්‍යතාවය වෙනස් කිරීම මුලින් ‘Bella 1’ නමින් හැඳින්වුණු මෙම නෞකාව වෙනිසියුලාව බලා යාත්‍රා කිරීමට නියමිතව තිබූ නමුත්, අමෙරිකානු නෞකා මඟහැරීම සඳහා එය සිය ගමන් මඟ වෙනස් කර තිබේ.

පසුව මෙම නෞකාව සිය නම ‘Marinera’ ලෙස වෙනස් කර රුසියානු ධජය යටතේ ලියාපදිංචි වී ඇති බව වාර්තා වේ.

නාවික විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ අමෙරිකානු හමුදා භාරයට ගන්නා අවස්ථාවේදී මෙම නෞකාව ආක්ටික් කලාපයේ රුසියානු වරායක් වෙත ගමන් කරමින් තිබූ බවයි.

මෙම නෞකාව වෙනිසියුලාව, රුසියාව සහ ඉරානය වැනි රටවලින් තෙල් ප්‍රවාහනය කිරීමට යොදාගන්නා ghost fleet අයත් බව හඳුනාගෙන තිබේ.

මීට අමතරව, ‘Sophia’ නමැති තවත් නෞකාවක් කැරිබියන් මුහුද ආසන්නයේදී අත්අඩංගුවට ගෙන ඇති අතර, අමෙරිකානු දකුණු විධානය එය හඳුන්වා දී ඇත්තේ රාජ්‍යයක් නොමැති, සම්බාධක පැනවූ dark fleet නෞකාවක් ලෙසයි.

අමෙරිකානු ස්වදේශ ආරක්ෂක ලේකම් ක්‍රිස්ටි නොයෙම් සඳහන් කළේ මෙම නෞකා දෙකම මෑතකදී වෙනිසියුලාවේ සිට පැමිණි හෝ එරට බලා ගමන් කරමින් තිබූ ඒවා බවයි.

මෙම හමුදා මෙහෙයුම් මාලාව මීට මාසයකට පෙර ආරම්භ වූ අතර, එහිදී අමෙරිකාව විසින් වෙනිසියුලානු ජනාධිපති නිකොලස් මදුරෝ සහ ඔහුගේ බිරිඳ ද අත්අඩංගුවට ගනු ලැබීය.

දැනට අත්අඩංගුවට ගත් ‘Sophia’ නෞකාව අමෙරිකානු වෙරළාරක්ෂක බලකායේ ආරක්ෂාව යටතේ අමෙරිකාව වෙත රැගෙන එමින් පවතී.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!