ට්‍රම්ප්ගේ ගාසා සාම මණ්ඩලය

287

ගාසා තීරයේ තාවකාලික පාලනය සහ ප්‍රතිසංස්කරණ කටයුතු අධීක්ෂණය සඳහා ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මැදිහත් වී පිහිටුවන ලද නව සාම මණ්ඩලයේ සාමාජිකයන්ගේ නම් ධවල මන්දිරය විසින් ප්‍රකාශයට පත් කර අවසන් යැයි පැවැසෙයි.

ජනාධිපති ට්‍රම්ප් මෙහි සභාපතිත්වය දරන අතර, ගාසා තීරය යළි ගොඩනැංවීමේ කාර්යය පැවරී ඇති විශේෂඥ කමිටුවක කටයුතු මෙම විධායක මණ්ඩලය විසින් මෙහෙයවනු ලබන බව පැවැසෙයි.

විදෙස් රාජ්‍ය නායකයන්ට ද මෙම සාම මණ්ඩලයට එකන් වෙන්නැයි ට්‍රම්ප් ඇරයුම් කර ඇත. එසේ ඇරැයුම් කළ පිරිස අතරේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් ද සිටින බව පැවැසෙයි.

Source – Lankadeepa




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!