BREAKING NEWS
Search

බස් රථ අන.තුරින් තුවාල ලැබූවන් කොළඹට ගෙන ඒමයි හෙලිකොප්ටර් දෙකක්…

52

අද (11) අලුයම සිදුවූ ගැරඬිඇල්ල ප්‍රදේශයේ බස් රථ අනතුර සහ ඊයේ (10) දිනයේ වැලිමඩ සිදුවූ බස් රථ අනතුරින් බරපතළ තුවාල ලැබූ පුදගලයින් වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹට රැගෙන ඒමට හෙලිකොප්ටර් යානා ‍02ක් සූදානම් කර ඇති බව ආරක්ෂක අමාත්‍යංශය පවසයි.

ඒ අනුව ආරක්ෂක අමාත්‍යංශය පැවසුවේ අමාත්‍යංශ ලේකම්වරයාගේ උපදෙස් මත ගුවන් හමුදාව විසින් මෙම හෙලිකොප්ටර් යානා දෙක රත්මලාන ගුවන් හමුදා කඳවුරේ සූදානම් කර ඇති බවය.

මේ සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් බෙල් 412 හෙලිකොප්ටර් යානා දෙකක් හදිසි ගලවා ගැනීමේ මෙහෙයුම් සඳහා ස්ථානගත කර ඇති බවත් එම අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කර ඇත.

Ada Derana




Leave a Reply

Your email address will not be published. Required fields are marked *