BREAKING NEWS
Search

සබරගමු සරසවියේ චරිත්ගේ සිද්ධියට සම්බන්ධ තවත් සිසුන් දෙදෙනෙක් පොලිස් අත්අඩංගුවේ…

475

සබරගමුව විශ්වවිද්‍යාලයේ දෙවන වසරේ තාක්ෂණ පීඨයේ සිසුන් හට නවකවධය ලබාදීමේ සිදුවීම සම්බන්ධයෙන් තවත් සිසුන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ සබරගමුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ තෙවන වසරේ සිසුන් දෙදෙනෙකි.

පොලීසිය පැවසුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අදාළ සැකකරුවන්ව අත්අඩංගුවට ගෙන බලංගොඩ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවය.

ඒ අනුව මෙම නවකවධය සිදුවීමට අදාළව මේ වනවිට සැකකරුවන් 10 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

Ada Derana




Leave a Reply

Your email address will not be published. Required fields are marked *