BREAKING NEWS
Search

පාතාල ක්‍රියාකාරී ‘සම පෝෂ’ අත්අඩංගුවට

3940

සමපෝෂ නම ඇසෙන විට අපට මතක් වන්නේ කුඩා දරුවන්ට ලබාදෙන පෝෂණ අග්ගලා ආහාරයක් ගැනය. නමුත් දැන් පාතාල කාරයින්ද මෙවැනි නම් භාවිතා කරනු වාර්තාවේ. කංජිපානිට නම වැටුනේ කැඳ පානයක් නිසාය. ඇතැම් විට සම පෝෂට නම වැටෙන්න ඇත්තේ එම අග්ගලා කෑම නිසා විය හැකිය.‘මධුසංඛ’ හෙවත් ‘සමපෝෂ’ නමි

හැඳින්වෙන, සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම සැකකරු ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේදී අත්අඩංගුවට පත්වන අවස්ථාවේදී ඔහු සතුව තිබී අයිස් නමැති මත්ද්‍රව්‍ය ග්‍රෑම් 26යි මිලිග්‍රෑම් 890ක් ද පොලිස් භාරයට ගෙන ඇත.

අත්අඩංගුවට පත් ‘සමපෝෂ’ නමැත්තා, ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු මෙන්ම සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ‘ගමගේ සාරංග ප්‍රදීප්’ හෙවත් ‘වැල්ලේ සාරංග’ ගේ සමීපතමයෙකු බවට තොරතුරු වාර්තා වේ.

මීට අමතරව, අත්අඩංගුවට ගත් සැකකරු මනුෂ්‍ය ඝාතන සිද්ධීන් පහකට ද සම්බන්ධ බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේය.

gossip lanka news

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *