BREAKING NEWS
Search

ඉතාමත් රහසිගතයි. කවුරුත් දැනගන්නේ නැ… ලංකාවේ පලවෙනි වතාවට ආ අමුතුම විදිහේ බැංකුවක් මෙන්න.

135

මෙරට ප්‍රථම වතාවට රජයේ රෝහලක ශුක්‍රාණු ධාතු බැංකුවක් ආරම්භ කර තිබෙනවා.

ඒ, කොළඹ කාසල් වීදියේ කාන්තා රෝහලේයි.

මඳසරුභාවය හේතුවෙන් දරු ඵල නොමැතිව දුක් විඳින මව්පියන් වෙනුවෙන් දරුවන් ලබාදීම මෙහි අරමුණයි.

කොළඹ කාසල් වීදියේ කාන්තා රෝහල කියූ සැණින් අපට සිහිවන්නේ දරුවන් බලාපොරොත්තුවෙන් රෝහලට පැමිණෙන ගැබිණි මව්වරුන් සහ අලුත උපන් දරුවා රැගෙන සතුටින් රෝහලෙන් පිටව යන මව්පියවරුන් පිරිසක්.

නමුත් මේ කතාව කාසල් වීදියේ කාන්තා රෝහල තුළ සිදුවන ඉතා සුවිශේෂී කර්තව්‍යයක් පිළිබඳවයි.

මෙරට ප්‍රථම වරට රජයේ රෝහලක් තුළ ශුක්‍රාණු ධාතු බැංකුවක් කොළඹ කාසල් වීදියේ කාන්තා රෝහලේ ආරම්භ කර තිබෙනවා.

මෙය ආරම්භ කිරීමට ප්‍රධානතම අරමුණ වී ඇත්තේ මඳසරුභාවය නිසා දරු ඵල නොමැතිව දුක් විඳින මව්පියන් වෙනුවෙන් දරුවන් ලබාදීමයි.

ඒ අනුව ශුක්‍ර ධාතු ලබා දීම සඳහා මෙහි පැමිණෙන පියවරුන් පරීක්ෂණ කිහිපයක් සඳහා පෙනී සිටිය යුතුයි.

මඳසරුභාවය නිසා දරු ඵල නොමැතිව දුක් විඳින මව්පියන් වෙනුවෙන් උපකාර කිරීමට ඔබත් කැමති නම් 0112 67 89 99 / 0112 67 22 16 යන දුරකථන අංක හරහා කාසල් වීදියේ කාන්තා රෝහලේ ශුක්‍රාණු ධාතු බැංකුව සමග සම්බන්ධ විය හැකියි.

Hiru Gossip




Leave a Reply

Your email address will not be published. Required fields are marked *