ශ්‍රී ලංකා ඉතිහාසයේ පළමු වරට, ජාතික ජනබලවේගය සහ ජනතා විමුක්ති පෙරමුණ (ජවිපෙ) ප්‍රමුඛ සන්ධානය රටේ ජනතාව සමඟ හෘද සාක්ෂිය මත පදනම්ව ගොඩනඟන ලද සම්බන්ධතාවයක් සහිත ආණ්ඩුවක් පිහිටුවා ඇතැයි ජනපති අනුර කුමාර ඊයේ විහාරමහාදේවී උද්‍යාන වේදිකාවේ පැවති ජනහමුවකදී ප්‍රකාශ කළේය.
මෙම නව රජය ව්‍යවස්ථාව සහ නීතියේ රාමුව තුළ ක්‍රියාත්මක වන නමුත්, ඔවුන්ගේ ප්‍රධාන බැඳීම ව්‍යවස්ථාවට හෝ නීතියට වඩා රටේ ජනතාව සමඟ ඇති හෘදසාක්ෂිය බව ජනපති වරයා කියා සිටියේ ජවිපෙ 60 වන සංවත්සරය අමතමිනි.
“අපිට ව්‍යවස්ථාවක් සමඟ බැඳීමක් තිබෙනවා. අණපනත්වලින් බැඳීම් තියෙනවා. අණපනත් හෙට සංශෝධනය කරන්න පුළුවන්, ව්‍යවස්ථා හෙට සංශෝධනයට තුනෙන් දෙකක් ඕනෑ,” යැයි ප්‍රකාශකයෙක් සඳහන් කළ අතර, “නීතියෙන් ව්‍යවස්ථාවෙන් බැඳීම නෙවෙයි. අපිට මේ රටේ ජනතාවත් එක්ක හෘද සාක්ෂියත් එක්ක බැඳීමක් තියෙනවා,”
යැයි අවධාරණය කෙරිණි.
“මේ රට ගොඩනැංවීම පිළිබඳව අපට අසීමිත ආශාවක් තිබෙනවා. ඒ හෘද සාක්ෂිය යුතුව අපි වැඩ කරමු. සමහරෙක් හිතනවා අපේ හයිය මදි කියලා. බයවෙන්න එපා, අපි ඇගේ හයියට නෙවෙයි එඩිතරභාවය ගන්නේ. නියමිත තැන, නියමිත දිශාවට, නියමිත හැරවීමේ තීන්දුව ගන්න අපි එඩිතර වෙනවා,
අපි මේ 60 වසරක එඩිතර භාවය ද අත්දැකීම්වලින් මුවහත් වෙච්ච මිනිස්සු. එනිසා අපේ බලයේ බලවත්භාවය අපේ ඇගෙන් මනින්න එපා. බලයේ බලවත්භාවය පේන්නෙ ක්‍රියාවෙන්අද තියෙන දේශපාලනය රෝමයේ වහල් යුගයට අයිති ඇගේ දේශපාලනය නෙවෙයි. ඒ නිශ්චිත තැනදී, පැකිලීමකින් තොරව, අදාළ තීන්දුව නිසි පරිදි ගැනීම සඳහා තිබෙන එඩිතර භාවය දිගටම පවතී.”
යයි ඔහු ප්‍රකාශ කළේය.
ජාතික ජනබලවේගය මෑතකදී පැවති පළාත් පාලන මැතිවරණයේ විශාල ජයග්‍රහණය ගැන ජනපති විස්තර කළේය. ඔහුගේකරුනු දැක්වීම මෙසේ විය.
* අනුහස් සහිත නායකයෙකු සිටි මැදමුලන කොට්ඨාසය පරාජය කර ඇත
* කොළඹ නගරාධිපති අපේක්ෂකයෙකු වෙනුවෙන් තරඟ කළ බොරැල්ල දකුණ කොට්ඨාසය ජවිපෙ සහෝදරියකට පරාජය වී ඇත
* මුළු දකුණ පළාතේම එක ප්‍රාදේශීය සභාවක්වත් පරාජය වී නැත
* බස්නාහිර පළාතේ, කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය සභා තුනක් හැර අනෙක් සියල්ල ජයග්‍රහණය කර ඇත
* සබරගමුවේ කෑගල්ල හා රත්නපුර දිස්ත්‍රික්කවල සියලු ප්‍රදේශවල ජයග්‍රහණය කර ඇත
* වයඹ පළාතේ කල්පිටිය හැර (එහි 10-10 සමානව) අනෙක් සියලු ප්‍රදේශවල ජයග්‍රහණය කර ඇත
* නුවරඑළිය දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය සභා 12න් 10ක් ජයග්‍රහණය කර ඇත
* උතුරුමැද පළාතේ අනුරාධපුර හා පොළොන්නරුව ජයග්‍රහණය කර ඇත
* මුලතිව්, මන්නාරම, වව්නියාව යන වන්නි දිස්ත්‍රික්කවල වැඩිම ඡන්ද ප්‍රමාණය ජාතික ජනබලවේගය ලබාගෙන ඇත
* නැගෙනහිර පළාතේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ වැඩිම ඡන්ද ප්‍රමාණය ලබා ඇත
* මඩකලපුවේ මහ මැතිවරණයට සමාන ප්‍රතිශතයක් ලබා ඇත
* කිලිනොච්චි හා යාපනය දිස්ත්‍රික්කවල දෙවන ස්ථානය ලබා ඇත
* පළමු වතාවට යාපනය දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තිදෙනෙකු ලැබී ඇත
* යාපනය නගර සභාවේ මන්ත්‍රීධුර 10ක් ලබා ඇත
ජනපති විපක්ෂය “විවිධාංගීකරණය වූ විපක්ෂයක්” ලෙස විස්තර කළේය.
“විවිධාංගීකරණය වූ විපක්ෂය එකතු වෙන්න පුළුවන්ද? එකතු වුණොත් විවිධාංගීකරණය කර ලැබී ඇති ප්‍රතිඵල වත් ලැබෙන්නේ නැහැ.බෙදිලා ඡන්දේ ඉල්ලලා, සභාව එකතු වෙන්න හදනවා. දේශපාලනයේ මේ කුඩා කුඩා කුඩා කුඩා විසුරුණු කණ්ඩායමකට ඔය පොඩි පොඩි පොඩි පොඩි එකෙකුට ඔච්චරයි. අපි කඳවුරු දෙකට බෙදුවා. මොකද විවිධාංගීකරණ විපක්ෂයක් තැනකටත් නැහැ. ජාතික ජනබලවේගය තවදුරටත් පෙන්නපු. හෙටත් තව මේ රටේ ජනතාවගේ පදනම් සහිත ව්‍යාපාරය ජාතික ජනබලවේගය බව ඔප්පු කළා.
අපේ මුලු අවුරුදු 60 ඉතිහාසයේම අවුරුදු 55 හමාරකට ආසන්න ඉතිහාසයක් තිබෙන්නේ බලය ලබාගැනීම සඳහා පොර බැදීමේ ඉතිහාසයයි. දැන් අපිට අවුරුදු භාගයකට වඩා කෙටි කාලයක් තියෙනවා බලය ලබාගෙන ගොඩනැගීම පිළිබඳ ඉතිහාසය තබා ගැනීමට.
මොනවද අපි ඉතිහාසයෙන් ගොඩනැගීම සඳහා අරගෙන එන්නේ? මොකක්ද මේ ගොඩනැංවීම සඳහා දින 52 බලය? මේ ගොඩනැගීම සඳහා තියෙන අපේ හෘද සාක්ෂියයි.
නිවාඩු දින කිසිවක් සැලකිල්ලට භාජනය නොකොට අපේ හෘද සාක්ෂියට අනුව මේ රට පත්වෙලා තියෙන විපත්තියෙන්, මේ රටේ ජනතාව පත්වෙලා තියෙන මේ විපත්තියෙන් ගොඩගැනීම සඳහා හෘද සාක්ෂියට එකඟව අපි වැඩ කරනවා.
අපි අත්හරින්නේ නැහැ… අපි හෘද සාක්ෂියට අනුව වැඩ කරනවා. අපිට මේක අලුත් පරිච්ඡේදයක්. අපි වැඩ කරමින් ඉගෙන ගන්නවා. ඉගෙන ගනිමින් වැඩ කරනවා.
අපි ආණ්ඩු බලය හෙබවීම සඳහා පුරුදු පුහුණු කරන ලද කණ්ඩායමක් නෙවෙයි. අපි දන්නවා අපි කවුද. අපි දිගු ඉතිහාසයක් බලය ලබාගැනීම සඳහා පොරබදන ඉතිහාසයකින් පසුව අපි බලය අත්පත් කර තිබෙනවා.”
“මේ රටට සහ මෙරටේ ජනතාවටත් අසීමිත ලෙස ආදරයෙන් සහිතව හෘද සාක්ෂිය යුතුව වැඩ කරනවා. වැඩ කරන කොට ඉගෙන ගන්නවා. ඉගෙන ගනිමින් වැඩ කරමු.මතක තබාගන්න, ලංකා ඉතිහාසයේ පළමු වතාවට ආණ්ඩුවක් ගොඩ නැගිලා තිබෙනවා – ජාතික ජන බලවේගය ජනතා විමුක්ති පෙරමුණ පෙරටු කරගත් හෘද සාක්ෂියත් එක්ක මේ රටේ ජනතාව අතර බැඳීම තුළ ව්‍යාපාරයක්.”
𝔾𝕠𝕤𝕤𝕚𝕡 𝕃𝕒𝕟𝕜𝕒 ℕ𝕖𝕨𝕤