BREAKING NEWS
Search

“තවත් වීඩියෝ ලීක් වෙනකම් බලා ඉන්න ඕනේ නෑ..” – ඩිජිටල් මාරයාගෙන් දරුවන් බේරගන්න ඕස්ට්‍රේලියාවේ නීතිය ලංකාවටත් ගේන්න හදිසි ඉල්ලීමක්..

823
කොළඹ ප්‍රමුඛ පෙළේ පාසලක ප්‍රධාන ශිෂ්‍ය නායකයෙකු සහ වැඩිහිටි ගුරුවරුන් පිරිසක් අතර හුවමාරු වූ බව කියන අතිශය සංවේදී වීඩියෝ දර්ශන පෙළක් සමාජ මාධ්‍ය හරහා මේ වන විට ලැව්ගින්නක් සේ පැතිර යමින් පවතිනවා.
ඒ සමඟ මුළු රටම අද දැඩි කම්පනයකට පත්ව ඇති අතර මෙම පිළිකුල් සහගත සිදුවීමත් සමඟ දරුවන් ඩිජිටල් සූරාකෑමෙන් බේරාගැනීම සඳහා ජාතික මට්ටමේ හදිසි ක්‍රියාමාර්ගයක අවශ්‍යතාවය දැඩිව මතුව ඇති වී ඇති බවයි ජාතික මාධ්‍ය පදනම පෙන්වා දෙන්නේ.

ඒ අනුව “තවත් දරුවෙක් විනාශ වෙනකම්, වීඩියෝ ලීක් වෙනකම් බලා ඉන්න ඕනේ නෑ!” යන පදනම මත පිහිටා ජාතික මාධ්‍ය පදනම (NMF) රජයෙන් අතිශය තීරණාත්මක ඉල්ලීමක් කර තිබෙනවා.

ඒ, වයස අවුරුදු 16ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය භාවිතය ශ්‍රී ලංකාව තුළ වහාම තහනම් කරන ලෙසයි.

ඊට අදාළ නිවේදනය පහතින්…



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!