BREAKING NEWS
Search

පොදු විපක්‍ෂය පලමු පැයේම දෙකඩ වේ.. නුගේගොඩ රැලියට සජිත්ලා නොඑන බව දැනුම් දේ…

1052

විපක්ෂයේ දේශපාලන පක්ෂ කිහිපයක් එක්ව නොවැම්බර 21 දා නුගේගොඩදී පැවැත්වීමට සංවිධානය කර ඇති විරෝධතාවයට සමගි ජන බලවේගය සහභාගි නොවීමට තීරණය කර තිබේ.

කොළඹ පැවති මාධ්‍ය හමුවකදී සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් මහතා කියා සිටියේ තම පක්ෂය වෙනම මතවාදයක් දරමින් විපක්ෂයේ කාර්යභාරය සිදු කරමින් සිටින බවයි.

ඒ හේතුවෙන් එම රැලියට තම පක්ෂය සහභාගි නොවන බවද ඔහු පැවසුවේය.

විපක්‍ෂ රැළිය සම්බන්ධයෙන් දැනුවත් කිරීමට පැවති මාධ්‍ය හමුවටද සමගි ජන බලවේගයෙන් කිසිවෙකු එක් නොවීය.

source – lanka c news




Leave a Reply

Your email address will not be published. Required fields are marked *