BREAKING NEWS
Search

” අපි මේවා චිත්‍රපටවල තමයි දැකලා තිබුණෙ. ඇත්තටම හරිම අමාරුයි ඒවා දරන්නට. මොකද අපි සංවේදී වැඩී ඇත්තටම.. නින්ද යන්නෙ නැති ගාණටම ආවා…” – රංගන ශිල්පිනි දමිතා අබේරත්න

715

 

රට මුහුණදුන් ඛේදනීය තත්ත්වය ගැන, සිය සංවේගය වචන කළ ජනප්‍රිය රංගන ශිල්පිනි දමිතා අබේරත්න,

”ඊයේ ළඟින්ම හිටපු කෙනා අද වෙනකොට නැති වෙලා. සමහරවිට අද තනිවෙලා..

අද හිටපු කෙනා මේ මොහොත වෙද්දි,, උදේ හිටපු කෙනා මේ මොහොත වෙද්දි නැති වෙලා තියෙනවා වෙන්න පුළුවන්.

ජීවිතේ කියන්නෙ මේක තමයි. මේක තමයි අපි හැමතිස්සෙම කතා කරන අනිත්‍ය කියන්නෙ..

හැබැයි මේක මේ විදියට වෙනකොට අපිට දරාගන්නට අමාරුයි. මොකද අපි මිනිස්සු නිසා. මොකද අපි සංවේදී වැඩී ඇත්තටම.. විශේෂයෙන් කලාකරුවො විදියට,,

නින්ද යන්නෙ නැති ගාණටම ආවා. මේ දකින දර්ශනත් එක්ක, දකින පුවත් එක්ක නින්ද යන්නෙ නැති ගාණටම ගියා.

මේ මොහොතේ අපි හැමෝම සිත් තැවුලෙන් ඉන්නෙ. මේ රටේම මිනිසුන්, මුළු මහත් ශ්‍රී ලාංකික ජනතාව සියලු දෙනාම…

ඔබ දුප්පත් ද ඔබ පොහොසත් ද, ඔබේ පාට පක්ෂ මොකක්ද, ඔබේ ජාතිය මොකක්ද, ඔබේ කුලය මොකක්ද, ඔබේ ආගම මොකක්ද කියලා කිසිම භේදයකින් තොරව හැමෝටම වෙච්ච පීඩනයක් මේ. හැමෝටම අත්විඳින්න වෙච්ච දුකක් මේක. මේක දරාගන්නට බෑ. හිතන්නෙ නැති වෙලාවක සිහින තමුන්ගෙ දෙපා මුල කඩාගෙන වැටෙනවා. තමුන් හදාගත්ත ගේ තමුන්ට පෙනි පෙනී ගහගෙන යනවා. තමුන්ගෙ වාහනය තමුන්ට පෙනි පෙනී ගහගෙන යනවා. තමුන්ගෙ අම්මා තාත්තා තමුන්ගෙ දරුවො ගහගෙන යනවා අර මහා ජල කඳේ….

ඉතින් මේවා අපි චිත්‍රපටවල තමයි දැකලා තිබුණෙ. ඇත්තටම හරිම අමාරුයි ඒවා දරන්නට….”

උපුටාගැනීම : රූපවාහිනි වැඩසටහනක් ඇසුරින් Channel E




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!