BREAKING NEWS
Search

ඉදිරියේදී අපි බලය ගන්නවා – නගරාධිපති ජන්දෙන් පැරදුණු රීසා සාරුක් කියයි

1037

නව නගරාධිපතිනියට සුබ පතන බව සමගි ජන බලවේගයෙන් නගරාධිපති ධුරය සඳහා තරග කළ රීසා සාරුක් පවසනවා.

ඒ අනුව කොළඹ ජනතාවගේ යහපත වෙනුවෙන් ගෙන එන යෝජනාවලදී සහයෝගය දැක්වීමට බලාපොරොත්තු වන බවයි අද (16) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ.

එසේම ජනතාවාදී නොවන ඕනෑම දෙයකට, එයට විරුද්ධව පෙනී සිටින බවද, ඉදිරියේදී බලය ලබා ගැනීමට කටයුතු කරන බවද ඔහු ප්‍රකාශ කළා.

නගරාධිපති ඡන්දය පැවැත්වීමේදී නාගරික කොමසාරිස්වරිය ඒකාධිපති ස්වරූපයෙන් කටයුතු කළ බවයි රීසා සාරුක් වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

Source – එසැණ




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!