ජාතික ජන බලවේගයේ ජයග්‍රහණය යනු කොළඹ නගරයේ ජනතාව ලැබූ ජයග්‍රහණයක් බව නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල පවසනවා.
ඒ අනුව මධ්‍යම රජයේ ආශිර්වාදය ලබා ගැනීමට කොළඹ නගර සභාව වාසනාවන්ත වූ බවයි අද (16) පෙරවරුවේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.
මෙතෙක් කාලයක් කොළඹ නගරයේ ආදායම ජනතාව අතර බෙදී නොගිය බවත්, අද දිනයේ සිදුවූයේ කොළඹ නගරයේ ජනතාවගේ ජයග්‍රහණයක් බවත්, මාස හයක් යන විට වෙනස බලාගත හැකිවනු ඇති බවයි නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.
Source – එසැණ