නව නගරාධිපතිනියට සුබ පතන බව සමගි ජන බලවේගයෙන් නගරාධිපති ධුරය සඳහා තරග කළ රීසා සාරුක් පවසනවා.
ඒ අනුව කොළඹ ජනතාවගේ යහපත වෙනුවෙන් ගෙන එන යෝජනාවලදී සහයෝගය දැක්වීමට බලාපොරොත්තු වන බවයි අද (16) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ.
එසේම ජනතාවාදී නොවන ඕනෑම දෙයකට, එයට විරුද්ධව පෙනී සිටින බවද, ඉදිරියේදී බලය ලබා ගැනීමට කටයුතු කරන බවද ඔහු ප්‍රකාශ කළා.
නගරාධිපති ඡන්දය පැවැත්වීමේදී නාගරික කොමසාරිස්වරිය ඒකාධිපති ස්වරූපයෙන් කටයුතු කළ බවයි රීසා සාරුක් වැඩිදුරටත් සඳහන් කර සිටියේ.
Source – එසැණ