හැමෝම ආදරයෙන් “මැණිකේ” කියලා හඳුන්වන Yohani ගැන මේ දිනවල සමාජ මාධ්‍යවල කතාබහක් උණුසුම් වෙලා තියෙනවා.
ඒකට හේතුව වෙලා තියෙන්නේ ඇය විසින් සිය නිල Facebook පිටුවට එක්කර තිබූ සරලත්, හෘදයාංගමත් සටහනක්.
කුඩා ශල්‍යකර්මයක් – රසිකයින්ට විශේෂ ඉල්ලීමක්
යොහානි පවසන්නේ තමන්ට හදිසියේම කුඩා ශල්‍යකර්මයකට මුහුණ දීමට සිදුවූ බවයි. එම සැත්කමෙන් පසුව ඇගේ මුවේ මැහුම් කිහිපයක් යොදා ඇති බවත්, ඒ නිසා කෙනෙකුට දැක කලබල විය හැකි බවත් ඇය සදහන් කර තිබුණා.
“පුංචි සැත්කමක් කළා. මගේ කටේ මැහුම් තියෙනවා දැක්කොත් බය වෙන්න එපා. මට සුවදුක් විමසලා පණිවිඩ එවපු හැමෝටම ගොඩක් ස්තූතියි. මම දැන් ගොඩක් සුවෙන් ඉන්නවා,” යනුවෙන් ඇය සිය සටහනේ සඳහන් කර තිබුණා.
රසිකයින්ගෙන් අතිවිශාල ප්‍රතිචාර
මෙම සටහන පළවීමත් සමඟම ලොව පුරා විසිරී සිටින ඇගේ රසිකයින් දහස් ගණනක් ඇයට ඉක්මන් සුවය පතා ප්‍රාර්ථනා එක් කර තිබුණා. බොහෝ දෙනෙක් ඇයට ඇත්තේ කුමක්දැයි විමසූවත්, යොහානි එය ඉතා සුළු සැත්කමක් බවත්, දැන් සෞඛ්‍ය තත්ත්වය සම්පූර්ණයෙන් හොඳ බවත් පැහැදිලි කර තිබුණා.
අදහස්, ආශීර්වාද සහ ආදරය නිසා තවත් ශක්තියක් ලබන කලාකාරියක් ලෙස, යොහානි නැවතත් තමන්ගේ රසික හදවත් ස්පර්ශ කරලා තියෙනවා කියලා කියන්න පුළුවන්.
යොහානි, ඔබට අපෙන් ඉක්මන් සුවය! 💛 (Ape Rata)







