BREAKING NEWS
Search

කොළඹ නගර සභා මන්ත්‍රිනි සඳමාලිට ඇත්තටම මොකද වුනේ…? සඳමාලි බලන්න සජිතුත් ගිහින්… සඳමාලිට ගැ*හුවේ අපි නෙමෙයි – සුනිල් වටගල කියයි

886

කොළඹ නගර සභාවේ නගරාධිපතිවරයා තෝරා පත්කර ගැනීමේ මංගල සැසිවාරය සඳහා සඳමාලි මහත්මිය පසුගිය සඳුදා (16) සහභාගිවීමෙන් අනතුරුව නිවස බලා යමින් සිටියදී නාදුනන පිරිසක් විසින් ඇයට පහර දී තිබේ.

පහරකෑම නිසා තුවාල ලැබූ ඇයව කොළඹ ජාතික රෝහලට ඇතුළත්කරනු ලැබීය.

එක්සත් ජාතික පක්ෂයේ කොළඹ මහ නගර සභා නාගරික මන්ත්‍රීවරියක් වන යූ. සඳමාලි මහත්මියට ජාතික ජනබලවේගයේ පිරිසක් විසින් පහර දී ඇති බවට එල්ල කරන චෝදනා මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා තරයේ ප්‍රතික්ෂේප කර සිටී.
අමාත්‍යවරයා මාධ්‍ය වෙත ප්‍රකාශ කර සිටියේ,

තමා මෙම සිදුවීම සම්බන්ධයෙන් පුද්ගලිකව සොයා බැලූ බවත්, අයිස් ක්‍රීම් දන්සලක සිදු වූ සිද්ධියක් ආශ්‍රයෙන් පරාජයේ වියරුව දරාගත නොහැකිව මෙලෙස අභූත, පදනම් විරහිත චෝදනා එල්ල කරන බවත් එහිදී අනාවරණය වූ බවයි.
අමාත්‍ය වටගල තවදුරටත් පැවසුවේ, මෙම සිදුවීම හට ගෙන ඇත්තේ අදාළ මන්ත්‍රීවරිය සහ මන්ත්‍රීවරයෙක් අතර ඇතිවූ පෞද්ගලික ගැටුමක ප්‍රතිඵලයක් ලෙස බවට ස්ථානාධිපතිවරයා ප්‍රකාශ කළ බවයි. මෙම සිදුවීමට ජාතික ජන බලවේගය සම්බන්ධ කරමින් මෙලෙස චෝදනා එල්ල කිරීම පටු දේශපාලන අරමුණු මුදුන් පමුණුවාගැනීමක් බවද ඔහු සඳහන් කළා.
“දැන් වරාය කන්ටේනර් සිද්ධියට අදාළ අයුධ ගෙනාව කියලා කට්ටිය හඬ නඟන්න පටන් ගත්තානේ. දැන් ඒ අය CID එකේ නතර වෙලා තියෙන්නේ, ඒ කාරණා නීති අංශවලට පවරලා තියෙනවා. දැන් ඔය වොයිස් කට් දීපු, ප්‍රෙස් තියපු සියලු කාන්තාවෝ කියන්න ඕන ඇත්තටම ඔය සිද්ධියට ජාතික ජන බලවේගයේ තියෙන සම්බන්ධය මොකක්ද කියලා,” අමාත්‍යවරයා තවදුරටත් ප්‍රකාශ කළේය.
එක්සත් ජාතික පක්ෂයේ කොළඹ මහ නගර සභා නාගරික මන්ත්‍රීවරියක් වන යූ. සඳමාලි මහත්මියට එල්ල වූ

මැර ප්‍රහාරයට විරෝධය දක්වමින් අද (18) සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් හා සංවිධාන ඇතුළු පිරිසක් එක් ව උද්ඝෝෂණයක් සංවිධානය කර තිබුණි.
වාර්තා වන ආකාරයට, පසුගියදා රාත්‍රියේ දී සඳමාලි මහත්මියව පිළිගැනීම සඳහා පැවති උත්සවයක් අවසන් කර යමින් සිටියදී බ්ලූමැන්ඩල් ප්‍රදේශයේ දී කිසියම් පිරිසක් පැමිණ ඇයට අමානුෂික අයුරින් පහරදීම හේතුවෙන් තුවාල ලබා ඇය කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණි.
පහරකෑමට ලක් වූ සඳමාලි නාගරික මන්ත්‍රීවරිය චෝදනා කළේ තමන්ට පහර දුන් අය ජාතික ජනබලවේගයේ (මාලිමා) පාක්ෂිකයින් බව යි.
මෙම සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පැවැත්වෙන අතර, අමාත්‍ය වටගල මහතා අවධාරණය කළේ සත්‍ය තත්ත්වය හෙළිදරව් කරගැනීම සඳහා නිසි විමර්ශනයක් සිදු කරන බවයි.

credit – gossip lanka news




Leave a Reply

Your email address will not be published. Required fields are marked *