දකුණු අප්‍රිකාවට එරෙහිව ඉන්දියාව ලැබූ විශිෂ්ට එක්දින තරග ජයග්‍රහණයෙන් පසු කණ්ඩායමේ ජයග්‍රාහී සැමරුමට ප්‍රවීණ පිතිකරු විරාත් කෝලි එක්වීම ප්‍රතික්ෂේප කිරීම මේ වන විට විශාල ආන්දෝලනයකට තුඩු දී තිබෙනවා.
මේ කියන්න යන්නේ අන්න ඒ ගැන ඇසෙන කතාවයි.
දකුණු අප්‍රිකාවට එරෙහිව රංචිහිදී පෙරේදා පළමු එක්දින තරගයේ ජයග්‍රහණයෙන් පසු ඉන්දීය කණ්ඩායම නවාතැන්ගෙන සිටින හෝටලයේ කේක් ගෙඩියක් කපා නායක ලෝකේෂ් රාහුල් ප්‍රමුඛ ඉන්දීය පිල ජයග්‍රහණය සමරද්දී විරාත් කෝලි එම සැමරුම වර්ජනය කරමින් පිටව ගොස් තිබෙනවා.
එය කණ්ඩායම තුළ පිල් බෙදීමක සලකුණක් වන බවයි මේ වනවිට ඒ ගැන අදහස් දක්වන බොහෝ දෙනා පවසන්නේ.
සමාජ මාධ්‍යවල පළ වී ඇති වීඩියෝවක, පළමු එක්දින තරගයේ ජයග්‍රහණය සමරමින් රාහුල් හෝටල් ලොබියේ කේක් එකක් කපන ආකාරය දැකගත හැකි නමුත් එම ස්ථානයේ එක්රොක් වී සිටි රසිකයන් සහ හෝටල් කාර්ය මණ්ඩල සාමාජිකයන්ගේ ඉල්ලීම නොතකා කෝලි ඊට සම්බන්ධ වීම ප්‍රතික්ෂේප කරමින් ගමන් ගන්නා අයුරු ද දක්නට ලැබෙනවා. ඉන්දීය කණ්ඩායමේ තාවකාලික නායක ලෝකේෂ් රාහුල් කේක් ගෙඩිය කපද්දී කණ්ඩායමේ සියලු සගයන් සහ සහායක කාර්ය මණ්ඩලය සහභාගිවූ අතර, විරාත් කෝලි එය නොසලකා කෙලින්ම ඔහුගේ කාමරයට ගිය ආකාරය කණ්ඩායමේ මතභේද පිළිබිබු කරන්නක් බව පැවසෙනවා.
දකුණු අප්‍රිකාවට එරෙහි මේ තරගයේදී විරාත් කෝලි සිය 52 වැනි එක්දින ශතකය වාර්තා කරමින් පන්දු 120කදී හයේ 7ක් හා හතරේ 11ක් සමඟ ලකුණු 135ක් එක් කළා.
මේ අතර, ප්‍රධාන පුහුණුකරු ගෞතම් ගම්භීර් සහ හිටපු නායක රෝහිත් ෂර්මා අතර ක්‍රීඩාගාරය තුළ දිගු කතාබහක් ඇති වීම ද ආන්දෝලනාත්මක සිදුවීමක් බව ඉන්දීය මාධ්‍ය වාර්තා පවසන්නේ.







