BREAKING NEWS
Search

කෝලි ඒ මොහොතේ එතනින් යන්න ගියේ ඇයි..? මෙය ඉන්දීය කණ්ඩායමේ පිල් බෙදීමක සලකුණක්ද..?

2700

 

දකුණු අප්‍රිකාවට එරෙහිව ඉන්දියාව ලැබූ විශිෂ්ට එක්දින තරග ජයග්‍රහණයෙන් පසු කණ්ඩායමේ ජයග්‍රාහී සැමරුමට ප්‍රවීණ පිතිකරු විරාත් කෝලි එක්වීම ප්‍රතික්ෂේප කිරීම මේ වන විට විශාල ආන්දෝලනයකට තුඩු දී තිබෙනවා.

මේ කියන්න යන්නේ අන්න ඒ ගැන ඇසෙන කතාවයි.

දකුණු අප්‍රි­කා­වට එරෙ­හිව රංචි­හිදී පෙරේදා පළමු එක්දින තර­ගයේ ජය­ග්‍ර­හ­ණ‍යෙන් පසු ඉන්දීය කණ්ඩා­යම නවා­තැ­න්ගෙන සිටින හෝට­ලයේ කේක් ගෙඩි­යක් කපා නායක ලෝකේෂ් රාහුල් ප්‍රමුඛ ඉන්දීය පිල ජය­ග්‍ර­හ­ණය සම­රද්දී විරාත් කෝලි එම සැම­රුම වර්ජ­නය කර­මින් පිටව ගොස් තිබෙනවා.

එය කණ්ඩා­යම තුළ පිල් බෙදී­මක සල­කු­ණක් වන බවයි මේ වනවිට ඒ ගැන අදහස් දක්වන බොහෝ දෙනා පවසන්නේ.

සමාජ මාධ්‍ය­වල පළ වී ඇති වීඩි­යෝ­වක, පළමු එක්දින තර­ගයේ ජය­ග්‍ර­හ­ණය සම­ර­මින් රාහුල් හෝටල් ලොබියේ කේක් එකක් කපන ආකා­රය දැක­ගත හැකි නමුත් එම ස්ථානයේ එක්රොක් වී සිටි රසි­ක­යන් සහ හෝටල් කාර්ය මණ්ඩල සාමා­ජි­ක­යන්ගේ ඉල්ලීම නොතකා කෝලි ඊට සම්බන්ධ වීම ප්‍රති­ක්ෂේප කර­මින් ගමන් ගන්නා අයුරු ද දක්නට ලැබෙනවා. ඉන්දීය කණ්ඩා­යමේ තාව­කා­ලික නායක ලෝකේෂ් රාහුල් කේක් ගෙඩිය කපද්දී කණ්ඩා­යමේ සියලු සග­යන් සහ සහා­යක කාර්ය මණ්ඩ­ලය සහ­භා­ගිවූ අතර, විරාත් කෝලි එය නොස­ලකා කෙලින්ම ඔහුගේ කාම­ර­යට ගිය ආකා­රය කණ්ඩා­යමේ මත­භේද පිළි­බිබු කර­න්නක් බව පැවසෙනවා.

දකුණු අප්‍රි­කා­වට එරෙහි මේ තර­ග­යේදී විරාත් කෝලි සිය 52 වැනි එක්දින ශත­කය වාර්තා කර­මින් පන්දු 120කදී හයේ 7ක් හා හත‍රේ 11ක් සමඟ ලකුණු 135ක් එක් කළා.

මේ අතර, ප්‍රධාන පුහු­ණු­කරු ගෞතම් ගම්භීර් සහ හිටපු නායක රෝහිත් ෂර්මා අතර ක්‍රීඩා­ගා­රය තුළ දිගු කතා­බ­හක් ඇති වීම ද ආන්දෝ­ල­නා­ත්මක සිදු­වී­මක් බව ඉන්දීය මාධ්‍ය වාර්තා පවසන්නේ.

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!