BREAKING NEWS
Search

විමල්, කඩවත- මීරිගම අධිවේගයේ පරණ කතාවක් අවුස්සයි

1580

යළි වැඩ ආරම්භ කළ කඩවත – මීරිගම කිලෝමීටර 37ක අධිවේගී මාර්ග කොටස සෑදීමට බොරු කතා ගොතා එදා ප්‍රමාද කළ අයට අද එදාට වඩා හත් අට ගුණයක් වැඩියෙන් මහජන මුදල් වැය කර මිලියන ගණනක වන්දියක් ද සමගින් එම මාර්ගයේ වැඩ කටයුතු පටන් ගන්නට සිදුව ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ පැවසීය.

ඊයේ (සැප්. 17) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඔහු එසේ පැවසීය.

මේ අය එදා පඬුකරඳගහ ඇතුළු විවිධ කතා කියලා මිථ්‍යා මත පතුරලා මේ වැඩ කටයුතු ප්‍රමාද කළා. මේ අය එදා සහයෝගයදී කටයුතු කළා නම් මේ හා මහා විශාල මුදලක් වැය නොකර එදා මේ මාර්ගය සකස් කර ගත යුතුව තිබුණු බව ද ඔහු ප්‍රකාශ කළේය.

ඒ තුළින් විශාල මුදලක් රටට ඉතිරි කර ගත හැකිව තිබුණු බවත් නමුත් එහෙම කටයුතු නොකොට එදා බොරු කියා මිථ්‍යා මත කියා මෙය නතර කරන තැනට කටයුතු කළා. එදා ජාතික ජන බලවේගයේ හිටිය මහත්වරු අද ඒ මුදලටත් වැඩි වැඩිපුර මුදල් විශාල ප්‍රමාණයක් වැය කර වියදම් කර මේ අධිවේගී මාවත සකස් කරන්නට කටයුතු කරන බවද විමල් විරවංශ පැවසීය.

ඔහු සඳහන් කළේ, එදා මේ මාර්ගයේ කිලෝමීටර් 37ක ගමන් මාර්ගය සකස් කරන්න ඉඩ දුන්නා නම් මෙතරම් මුදල් විනාශයක් සිදු වන්නේ නෑ. එහෙම කළා නම් මේවගේ හත් අට ගුණයක් වගේ ප්‍රමාණයක් සකස් කරන්න හැකියාවක් තිබුණ බව ය.

විකුණාගෙන කෑම, හිඟා කෑම, උලා කමින් රට පෙරට ගමන් කරවීමේ ආර්ථික ප්‍රතිපත්තියක ජාතික ජන බලවේග ආණ්ඩුව ගමන් කරන බවත් ජනතාවගේ ඡන්ද අයිතිය අමු අමුවේ උල්ලංඝනය කරමින් ජනතාව නැති බංග කරන්නට කටයුතු කරමින් රට විනාශයට පත් කර විදෙස් රටවලට රටේ සම්පත් ගෙඩි පිටින්ම බිලි දෙන්නට කටයුතු කරන බවද විමල් විරවංශ පැවසීය.

Source – The Leader




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!