BREAKING NEWS
Search

ලෝක බැංකුවෙන් ලංකාවට ඩොලර් බිලියනයක ආධාර පැකේජයක්

192

මෙරට සංචාරයේ යෙදී සිටින ලෝක බැංකු සභාපති අජේ බංගා ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් බිලියනයක ආධාර පැකේජයක් ලබාදීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව වසර තුනක් තුළ මෙම ආධාර පැකේජය ලබා දීමට කටයුතු කරන බවයි නිවේදනයක් නිකුත් කරමින් ලෝක බැංකුව සඳහන් කරන්නේ.

රැකියා සහ ආයෝජන සඳහා ඉහළ විභවයක් ඇති අංශ වන බලශක්තිය, කෘෂිකර්මාන්තය, සංචාරක සහ කලාපීය සංවර්ධනය මේ හරහා ඉලක්ක කර න බවයි ඔහු සඳහන් කර තිබෙන්නේ.

එසේම ආර්ථික අවස්ථා පුළුල් කිරීම, දේශීය කර්මාන්ත ශක්තිමත් කිරීම සහ දිගුකාලීන වර්ධනයට සහාය වීම සඳහා පුද්ගලික ප්‍රාග්ධනය ආකර්ෂණය කර ගැනීම අරමුණු කරන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *