BREAKING NEWS
Search

සුනාමිය වෙලාවේ ගාල්ල ගොඩදාපු ලෝක පූජිත ක්‍රිකට් තරුව ශේන් වෝන්

176

2004 දෙසැම්බර් 26 මතක් කරනකොටත් අදටත් අපේ පපුව ගැහෙනවා. මහා සාගරය ගොඩබිමට ගලාගෙන ඇවිත් අපේ දහස් ගණනක් සහෝදර ජනතාවත් ලෝකයක් ආදරය කරපු මේ සුන්දර ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයත් එක මොහොතකින් නටඹුන් ගොඩක් බවට පත් කළා. (පළමු ඡායාරූපයෙන් පෙනෙන ඒ විනාශය…)

ඒ අඳුරු මතකයන් අස්සේ අපේ හිතට ලොකුම හයියක් වුණේ අපේ රටේ කෙනෙක් නොවන ඒත් අපේ රටට පණ වගේ ආදරය කරපු ඕස්ට්‍රේලියානු සුපිරි ක්‍රීඩක ශේන් වෝන්.
ඔහු අපට කළ ඒ අමිල මෙහෙවර අමතක කරන්නේ කොහොමද?

කඳුළු පිස දැමූ මනුෂ්‍යත්වය සුනාමියෙන් පස්සේ ගාල්ලේ පිට්ටනිය මඩ ගොඩක් වෙලා තියෙද්දී ඔහු පෞද්ගලිකවම එතැනට ඇවිත් ඒ විනාශය දැකලා කම්පා වුණා. පීඩාවට පත් වුණු මිනිස්සුන්ගේ ඔළුවට අත තියලා සැනසූ ඔහු මේ පිට්ටනිය හදන්න ජාත්‍යන්තරයේ අවධානය දිනාගන්න තනියම සටන් කළා.

ඓතිහාසික බැඳීම වෝන් තමන්ගේ ටෙස්ට් ක්‍රිකට් දිවියේ 500 වැනි කඩුල්ල ලබාගත්තෙත් මේ ගාල්ල පිට්ටනියේදීමයි. ඔහුට මේ බිම තවත් එක පිට්ටනියක් නෙවෙයි තමන්ගේ ජයග්‍රහණ ලියවුණු තමන්ගේම ගෙදර වගෙයි.

නැවත ඉපදීම අද ලෝකයේ තිබෙන සුන්දරම ක්‍රිකට් ක්‍රීඩාංගණයක් ලෙස ගාල්ල බැබළෙන්නේ එදා වෝන් තැබූ ඒ ශක්තිමත් අඩිතාලම නිසයි. (දෙවන ඡායාරූපයෙන් පෙනෙන ඒ අසිරිය…)

අද මේ පිට්ටනිය ලස්සනට තියෙනවා… හැබැයි මේක හදන්න මහන්සි වුණු අපේ දුකට හඬපු ඒ ආදරණීය “වෝනි” අද අපිට නොකියාම සදහටම සමුගෙන ගිහින්.

ගාල්ලේ කොටු පවුරට වදින මුහුදු රළ හඬ හැමදාමත් ඔහුට පින් දෙනවා ඇති.
ඔබ අපේ සදාකාලික වීරයෙක්!
Shane Warne

– CHAMATH VLOGS –

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!