BREAKING NEWS
Search

අශෝක රන්වල අපේ සරසවියේ ඉගෙනගෙන නෑ.. ජපානයේ වසේදා සරසවිය කියලා – තලතා අතුකෝරාල

29

කථානායක අශෝක රන්වල මහතා ජපානයේ වසේදා විශ්ව විද්‍යාලයේ උපාධියත් හදාරා ඇති බවට කරන ලද ප්‍රකාශය අසත්‍ය බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තලතා අතුකෝරල මහත්මිය සඳහන් කරයි.

අශෝක රන්වල නම් පුද්ගලයෙක් තම විශ්ව විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා නැති බව ජපානයේ වසේදා විශ්ව විද්‍යාලය දන්වා ඇති බව මාධ්‍ය හමුවකදී ඇය තවදුරටත් කියා සිටියාය.

මේ අනුව බලන විට මාලිමාවේ මහාචාර්යවරු ආචාර්යවරු ඇත්තම උදවියද කියා සාධාරණ සැකයක් ඇතිවෙන බවද සඳහන් කලාය.

ඇතිවී තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් කථානායක අශෝක රන්වල මහතා ගෙන් කළ විමසීමකදී ඔහු සඳහන් කළේ තමන් නිසි අවස්ථාවේ මෙම චෝදනාවන්ට ප්‍රතිචාර දක්වන බවයි.

කැබිනට් මාධ්‍ය හමුවේදී ද කැබිනට ඇමති ප‍්‍රකාශක ඇමති නලින්ද ජයතිස්ස මහතා පැවසුවේ කතානායකවරයා නිසි අවස්ථාවේ මෙම චෝදනාවන්ට ප්‍රතිචාර දක්වනු ඇති බවය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *