BREAKING NEWS
Search

අනියම් පෙම දුරදිග යයි – පෙම්වතා කපා කොටා යතුරුපැදියට ගිනි තබයි..!

80

අනියම් පෙමක් දුර දිග යෑම හේතුවෙන් යතුරුපැදිකරුවෙකු කපා කොටා යතුරුපැදිකරුගේ රු.ලක්ෂ හයක් පමණ වටිනා යතුරුපැදිය ගිනි තැබූ සැකකරුවන් දෙදෙනෙකු (17) දින පස්වරුවේ දිඹුලපතන පොලිසියවෙත භාර වී ඇත.

තුවාල ලැබූ යතුරුපැදිකරු හැටන් කොටගල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ඔහු කොටගල ප්‍රදේශයේම කාන්තාවක් සමග මීට වසර පහකට පමණ ප්‍රථම නීත්‍යානුකූලව විවාහ වී ඇත.

තුවාලකරු කොටගල ප්‍රදේශයේම පදිංචි තවත් කාන්තාවක් සමග අනියම් ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වාගෙන ගොස් ඇති අතර, එයට විරුද්ධ වූ නීත්‍යානුකූල බිරිදට අලවංගුවකින් හිසට පහර දි තුවාල සිදු කිරිම සම්බන්ධයෙන් දිඹුලපතන පොලිසියට නීත්‍යානුකූල බිරිද, ඇයගේ පවුලේ සාමාජිකයන් සහ සැමියා (17) දින පස්වරුවේ කැදවා විභාගකර ඇති අතර එහිදි සැමියා විසින් සිය බිරිද සමග සමගියෙන් සිටින බවට පොලිසියේදි පොරොන්දු වි පැමිණ සිටියදී සිය අනියම් බිරිද සමග හැටන් නුවරඑලිය ප්‍රධාන මාර්ගයේ කොටගල පිහිටි සෙල්ෆි ඡායාරූප ගිනිමින් සිටි සිය සහෝදරියගේ සැමියාව ඇගේ සහෝදරයන් විසින් පිහියකින් කපා පහර දී මාමණ්ඩිය විසින් ඔහුට ලබා දුන් යතුරුපැදියද ගිනි තබා සැකකරුවන් දෙදෙනා පොලිසියට භාර වූ බවයි දිඹුලපතන පොලිසියේ නිළධාරින් කියා සිටියේ.

තුවාලකරු වැඩිදුර ප්‍රතිකාර සදහා දික්ඹය මූලික රෝහලවෙත යොමුකර ඇති අතර, අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා (18) දින හැටන් මහේස්ත්‍රාත් අධීකරණය වෙත ඉදිරිපත් කරන බව දිඹුලපතන පොලිසියේ නිළධාරියෙකු පැවසීය.

යතුරුපැදිය ගිනි තැබීම හේතුවෙන් කොටගල උමංමාර්ගය අසල දැඩි වාහ්‍න තදබදයක්ද පැවතුණි.

රංජිත් රාජපක්ෂ




Leave a Reply

Your email address will not be published. Required fields are marked *