BREAKING NEWS
Search

අසපුවක් තුළ භික්ෂුවක් නැති කිරීමේ සිද්ධිය – අතිශය පෞද්ගලික කරුණක් හේතුවෙන් මෙය සිදුකරා – රියැදුරා අත් අඩංගුවට..!

53

අනු⁣රාධපුර, එප්පාවල පිහිටි අසපුවක වැඩසිටි හිමිනමක් ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු කටුනායක ප්‍රදේශයේදී පොලිස් අත්අඩංගුවට පත්වී තිබේ.

ඒ, සැකකරුගේ දුරකථන දත්ත විශ්ලේෂණය කිරීමෙන් ලබාගත් තොරතුරුවලට අනුවය.

අනුරාධපුර එප්පාවල, කිරලෝගම ප්‍රදේශයේ අසපුවක වැඩ විසූ හිමිනමක් එම විහරස්ථානය තුළදීම තියුණු ආයුධයකින් පහරදී පසුගියදා ඝාතනය කර තිබුණි.

එලෙස ඝාතනයට ලක්වී ඇත්තේ කිරලෝගම රුක්සෙවන අසපුවේ විහාරාධිපති ලෙස වැඩවිසූ පූජ්‍ය විලච්චියේ ප්‍රේමරත්න නම් 69 හැවිරිදි හිමිනමකි.

උන්වහන්සේගේ ශරීරයේ ස්ථාන කිහිපයක දරුණු කැපුම් තුවාල නිරීක්ෂණය වී තිබුණි.

ඒ අතරතුර අසපුවට අයත් ත්‍රිරෝද රථය එප්පාවල රෝහල අසල පෞද්ගලික ඉඩමක දමාගොස් තිබියදී පොලීසිය සොයාගත් අතර එහි රියදුරා අතුරුදන්වී සිටියේය.

අනතුරුව සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන අනුරාධුපුර කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තිළිණ හේවාපතිරණ මහතාගේ උපදෙස් මත එප්පාවල පොලීසිය මගින් ආරම්භ කර ඇත.

ඒ අනුව අතුරුදන්වූ පුද්ගලයාගේ දුරකථන දත්ත විශ්ලේෂණය කිරීමෙන් ලබාගත් තොරතුරුවලට අනුව අනාවරණ වී තිබුණේ ඔහු කටුනායක ප්‍රදේශයේ රැඳී සිටින බවය.

ඒ අනුව ඔහුව අත්අඩංගුවට ගෙන සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී ඔහු අදාළ ඝාතනය සිදුකළ බව පිළිගෙන තිබේ.

ඝාතනයට ලක් වූ භික්ෂුව සමග අතිශය පෞද්ගලික කරුණක් හේතුවෙන් ඝාතනය සිදුකර පලාගිය බව ඔහු පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ පවසා ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පොලිස් විමර්ශන ක්‍රියාත්මකය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *