S.M රංජිත්ගෙ අල්ලස් සීන් එක නිසා මම පොඩි කාලෙ වුන සීන් එකක් මතක් වුනා…
මධ්‍යම පළාත් විගණන අධිකාරී වගේ තනතුරක මනුස්සයෙක් වැඩ කලා ලලිත් අඹන්වල කියල..
2002ට කලින් මහනුවර හිටපු අධ්‍යාපන අධ්යක්ෂ ආනන්ද මුණසිංහ සහ ප්‍රධාන ගණකාධිකාරි ආනන්ද වීරසිංහ කියල දෙන්නෙක් තව සෙට් එකක් එක්ක සෙට් වෙලා ලොකු ගාණක රජයේ මුදල් වලට ශොට් එක දෙනවා..ඉස්කෝල සෙට් එකකට කම්පියුටර්ස් මේස පුටු එව්වා මෙව්ව ගන්නවා කියල බොරු බිල් දාලා ගහපු ගේමක්…කෝටි ගාණක වැඩක්…
අඹන්වල බොසාට වැඩේ මාට්ටු වෙනවා…
බොසා දිගටම ගේම කෝල් කරපු නිසා වැඩේ කල එවුන් ලලිත් බොසාට රුපියල් කෝටියක් දීලා වැඩේ ශේප් කරගන්න ට්‍රයි කරනවා… 2002 වගේ කාලෙක කෝටියක් කියන්නෙ ඉතින්… ☺️☺️
බොසා ඒක ප්‍රතික්ෂේප කරනවා.. ඊටපස්සෙ බොසාට මරණ තර්ජන.. වාහනේ උඩට පරණ ගෙයක් කඩලා දාලා අනතුරක් විදියට පෙන්නන්න උත්සාහා කරනවා… බොසා බේරෙනවා…
ඒ කාලෙ ලංකාවෙ Auditor General හිටියෙ සරත් මායාදුන්නේ බොසා… සරත් බොසත් ෆුල් සප් එක දෙනවා අපේ සුද්දට…
අන්තිමට මහනුවර අස්ගිරිය පොලිස් ග්‍රවුන්ඩ් එක ලඟදි ලලිත් බොසා පරාද වෙනවා… බොසාගෙ මූණට ඇසිඩ් ගහනවා.. වාහනෙ ඩ්‍රයිව් කරද්දි ගහන්නෙ.. චූටි දුව එහා පැත්තෙ සීට් එකේ… පස්සෙ කාලෙක බොසා කියනවා මට ඒ වෙලාවෙ මතක් වුනේ මගෙ දුව ගැන විතරයි කියල…තාත්තලා එහෙමනෙ..😍❤
නඩුවක් වැටෙනවා… බොසාට වන්දි මුදල් පරක්කු වෙනවා. එක එක ප්‍රශ්න වෙනවා.. 2010 දි වගේ (මතක විදියට) නඩුවෙ ජජ්මන්ට් දෙනවා…
මහනුවර හයිකෝට් ජජ් ප්‍රීති පද්මන් සූරසේන දෙනවා සුපිරිම ජජ්මන්ට් එකක්… නඩුවෙ විත්තිකාරයො 10 ක් වගේ ඉන්නවා… ඔක්කොම සෙට් එක අවුරුදු 80ක දඬුවම් කාලය එකවර ගෙවෙන්න දෙනවා….😹😹
මිනීමැරීමට තැත් කිරීම කියල චෝදනාවකුත් එක්ක…..😒
ඊටපස්සෙ තමයි හොඳම සීන් එක… විකෘති වුන මූණක් එක්ක ආයෙම ලලිත් අඹන්වල බොසා වැඩට බහිනවා…
වන අලි 21 එකක් රඳවා තබාගැනීම, මුද්‍රණ සංස්ථාවෙ කෝටි 6ක හොරකම, මධ්‍යම සංස්කෘතික අරමුදලෙ කෝටි 5ක කේස් එක, උතුරුමැද පළාතෙ කෝටි 70ක පොහොර වංචාව, කෘෂිකර්ම අමාත්‍යාංශයෙ කෝටි 58ක සෙල්ලම වගේ ඒවා සෙට් එකක්ම මාට්ටු කරලා දීලා මහජන මුදල් ඉතිරි කරනවා… කොන්ද කෙලින් තියාගෙන වැඩ කරනවා… යකෙක්ට වත් බය නොවී….❤❤
මතක තියාගන්න මේ ඔක්කොම කලේ ඇසිඩ් කේස් එකෙන් පස්සෙ තනි ඇහෙන් ආ… තනි ඇහෙන්…
ලලිත් අඹන්වල බොසා 2021දි තමන්ගෙ අවංක ජීවිතේට සමුදෙනවා…❤❤
ඇසිඩ් කේස් ජජ්මන්ට් එකෙන් පස්සෙ හයිකෝට් එකෙන් එළියට ආපු ලලිත් බොසා කියපු වචන මට තාම මතකයි….
“මට තියෙන්නෙ එක ඇහැක් වුනාට ඒ ඇහැ ඇස් 6කට සමානයි, මේක මගේ ජයග්‍රහණයක් නෙමෙයි කොන්ද කෙලින් තියාගෙන වැඩ කරන රාජ්‍ය නිලධාරීන්ගේ දිනුමක්” කියල…
ඇසිඩ් වලට වත් ලලිත් අඹන්වලගෙ අවංකබව දියකරන්න බැරි වුනා…
බොක්කෙන්ම රෙස්පෙක්ට්
ඉන්න තැනක හොඳින් ඉන්න…සුබගමන්…අමතක වෙන්නෑ කවදාවත්…ආදරෙයි….❤❤
✍ Tharindu Wellala