එළඹෙන්නට නියමිත උත්සව සමයත් එක්ක මේ දවස්වල මාර්ගවල පවතින්නේ දැඩි රථවාහන තදබදයක්..
මේ කියන්න යන්නේ තවත් බිහිසුණු අනතුරක් ගැන අද උදෑසනින් ඇසුණු කතාවක්.. අවිස්සාවේල්ල සිට කොළඹ කොටුව බලා අද උදෑසන ගමන්කරමින් තිබූ දුම්රියක ත්‍රිරෝද රථයක් ගැටී අනතුරක් සිදුවී තිබුණා..
ඒ කොස්ගම, අළුත්අම්බලම දුම්රිය හරස් මාර්ගය ආසන්නයේදීයි.. එම අනතුරෙන් ත්‍රිරෝද රථයේ ගමන් කරමින් සිටි දෙදෙනෙකු බරපතළ තුවාල ලබා රෝහල් ගතකර තිබුණා..
අනතුර සිදුවන අවස්ථාවේ රියදුරු හා පසුපස අසුනේ තවත් කාන්තාවක් ගමන් කරමින් සිට ඇති අතර,තුවාල ලැබූ දෙදෙනාම මෙලෙස අවිස්සාවේල්ල දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කර තිබුණා.