BREAKING NEWS
Search

කකුල් හරස්කරගෙන ඉඳගන්න එපා – වෙන දේ ඇහුවොත් ඔබ පුදුම වෙයි…!

686

ගැසීම, ඔබේ කකුලේ ස්නායු වලටද බලපෑම් ඇති කරනවා.

රාත්‍රී ආහාරය ලබාගන්නා විට හෝ ලියන කියන වැඩ කරන විට දිනකට එක් වරක් වත් ඔබ මෙලෙස කකුල් හරස්කරගෙන වාඩිවී සිටිනවාට කිසිඳු සැකයක් නැහැ. එම ඉරියව්වේ ඇති භයානක කම නොදැන සිටින නිසාම ඇතැමුන් පුරුද්දක් ලෙස එම ඉරියව්ව භාවිතා කිරීමටද පුරුදුව සිටිති.

කකුල් හරස්කරගෙන වාඩිවී සිටීමේදී ශරීරයට අහිතකර බලපෑමක් ඇතිවෙන නිසා, එම ඉරියව්ව භාවිතා කිරීමට ප්‍රථමව ඔබ දෙවරක් සිතිය යුතු බවයි විද්‍යාඥයින් පවසන්නේ. ඉන් සිදුවෙන අයහපත් බලපෑම් මොනවාද කියා අපි දැන් සොයා බලමු.

වාඩිවී සිටින විට ඔබේ දෙපතුල් සමාන්තර ලෙස පොලවේ ස්පර්ශවිය යුතුයි. නමුත් අවාසනාවකට ඒ පිළිබඳව වැඩි දෙනෙක් දැනුවත් නැහැ. කකුල් හරස්කරගෙන සිටින විට ශරීරයේ බර සමාන්තරව ගලානොයන අතර එක් පැත්තකට වැඩි පීඩනයක් යෙදෙන නිසා අහිතකර ප්‍රතිපල ගෙන දෙනවා.

විශේෂඥයින් පවසන පරිදි, කකුල් දෙක හරස්කරගෙන හිඳගෙන සිටීම නිසා කොන්දේ වේදනාව සහ බෙල්ලේ වේදනාව ඇතිවීමට වැඩි අවදානකම් තියෙනවා. කෙටියෙන්ම පවසනවානම්, එය කොන්දේ සහ බෙල්ලේ වේදනාවට කරන ආරාධනාවකි.

කකුල් හරස්කරගෙන වාඩිවී සිටින විට ඔබේ උකුල පවතින්නේ වේදනාත්මක ඉරියව්වකයි. මදක් සිතා බලන්න, එම ඉරියව්ව නිසා ඔබේ එක් උකුල් ඇටයක් ඇඹරීකමට ලක්වෙනවා නේද ? ඔබේ කොඳුඇට පෙලේ පාදම ලෙස පවතින උකුල් ඇටය පීඩනයට ලක්වෙන නිසා ඔබේ ගෙල පෙදේශයට සහ කොඳු ඇටපෙලේ පහල කොටසටද අනවශ්‍ය පීඩනයක් එල්ලවෙනවා. අන්න එම හේතුව නිසා තමයි කොන්දේ සහ බෙලේ වේදනාව ඇතිවන්නේ. ඔබ බොහෝ කාලයක් පුරුද්දක් ලෙස මෙය සිදුකලොත් ඒ හේතුවෙන් බරපතල තත්වයක් උනත් ඇතිවෙන්නට ඉඩ තිබෙනවා.

නහර ගැට ගැසීම
නහර ගැටගැසීම කියන තත්වය කිසිවෙකුත් බලාපොරොත්තු නොවුනත්, ඇමරිකාවේ කාන්තාවන් අතරින් සියයට 55 දෙනෙකුට සහ පිරිමින්ගෙන් සියයට 45ක් තරම වූ පිරිසකට එම තත්වය පවතින බව ඇමරිකාවේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසා සිටිනවා.

කකුල් හරස්කරගෙන වාඩිවී සිටින විට හදවත වෙත රුධිරය ගෙන යන රුධිර වාහිනී වල පීඩනය වැඩිවෙන අතර ඒ හේතුවෙන් රුධිර සංසරණයටද බලපෑම් ඇතිවෙනවා. එම නිසා කකුලේ ඇති රුධිර නහර දුර්වල වී හානිවීමටද ඉඩ තිබෙනවා. එහි අවසාන ප්‍රතිපලය වන්නේ නහර ගැටගැසීමයි. පුරුද්දක් ලෙස කකුල් හරස්කරගෙන වාඩිවී සිටීම බොහෝ කාලයක් තිස්සේ සිදුකලොත් මෙවැනි තත්වයක් ඔබට වුනත් ඇතිවෙන්නට පුළුවන් බව හොඳින් මතක තබාගන්න.

ඔබේ කකුලේ ස්නායු වලටද බලපෑම් ඇති කරනවා.
හදවතේ රුධිර සැපයුමට පමණක් නොවෙයි, කකුල් හරස්කරගෙන වාඩිවී සිටීම නිසා කකුලේ රුධිර නහර වලට වගේම ස්නායු වලටද බලපෑමක් එල්ලවෙනවා.

කකුල් හරස්කරගෙන වාඩිවී සිටින විට විවලීය ස්නායුව මතටද වැඩි පීඩනයක යොමුවෙන්නට පුළුවන් බව වාර්තා වෙනවා. එය දණහිස ආශ්‍රිතව ඇති වැදගත්ම ස්නායුවකි. එම ස්නායුව පීඩනයට ලක්වීම නිසා ඔබේ කකුලේ ඇති ඇතැම් මාන්ෂපෙශීන් තාවකාලිකව හිරිවැටීමකට සහ අඩපනවීමකටද ලක්වෙන්නට ඉඩ තිබෙනවා.

එම බලපෑම තාවකාලික වුනත්, බොහෝ කාලයක් මෙය පුරුද්දක් විදියට සිදුකළහොත් ස්නායු වලට හානිසිදුවී දිගුකාලීන හිරිවටීමේ තත්වයක් වුනත් ඇති වෙන්නට පුළුවන් බවයි විශේෂඥයින් පවසන්නේ.

ඔබත් පුරුද්දක් ලෙස කකුල් හරස් කරගෙන වාඩිවී සිටීමට වැඩි කැමැත්තක් දක්වන කෙනෙකු නම් මෙය ඔබට කෙරෙන අනතුරු ඇගවීමක් සේ සලකන්න. එම වැරදි ඉරියව්ව හේතුවෙන් ඇතිවෙන අයහපත් ප්‍රතිපල ගැන මෙම ලිපියෙන් ඔබට හොඳ දැනුමක් ලැබෙන්නට ඇති කියා අපි විශ්වාස කරනවා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *