BREAKING NEWS
Search

කන්දක් බහින විට රථය පාලනය කරන්නේ කොහොමද.? – රියැදුරු බලපත් ගන්නා විභාගයේදී අපූරු උත්තරයක් ලියලා.

871

රියැදුරු බලපත්‍රය ගන්නා විභාගයට පෙනී සිටි බිරිය රිය පදවද්දි සැමියා කරන වැරැද්ද ප්‍රශ්නයක දී පිළිතුර ලෙස ලිවීමේ සිද්ධියක් කොළඹට ආසන්න ප්‍රදේශයකින් අසන්නට ලැබෙනවා.

සැමියා පළපුරුදු රියැදුරෙකි. බිරියටත් රියපැදවීමේ ආසාවක් ඇති වීම නිසා ඔහුගේ අවසරයෙන් ඒ සඳහා ඉල්ලූම්කර අදාළ විභාගයට පෙනී සිටියාය.

රිය පැදවීම පුරුදු පුහුණු කළේ සැමියාය. විභාගය අවසන්වී පැමිණි පසු සැමියා අමතා කන්දක් බහින විට රථය පාලනය කරන්නේ කොහොම ද යැයි අසා ඇත.

”ඇයි එහෙම ප්‍රශ්නයක් තිබුණ ද? ඔව් මම ඔයා කරන දේ උත්තරයට ලිව්වා. නිව්ටල් කරන්න ඕනෑ කියලා ලිව්වා” එවිට සැමියා ”අනේ යෝදියේ! මම එහෙම කරන්නේ පෙට්‍රල් ඉතුරු කරගන්න වුවමනා නිසා මිස මාර්ග නීතියක් නිසා නොවේ” යැයි කියා ඇත.

දැන් ඉතින් මොනව කරන්නද? අවවාදයට වඩා ආදර්ශය උතුම් කියලා කියන කතාවේ අර්ථය තේරුම් ගත්තේ අදයි කියලා සැමියා නිහඬ වුණාලූ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *