BREAKING NEWS
Search

කලාව, සාහිත්‍ය,ක්‍රීඩාව යන විවිධ අංශයන් වලින් පාසලට කීර්තියක් ගෙන ඈ ගැන ඇසෙන අපූරු කතාව මෙන්න.

46

කලාව, සාහිත්‍ය වගේම ක්‍රීඩාව ඇගේ ජීවිතයට ඈඳුණු අංග වුණා..

ඒ අතර අධ්‍යාපනය කියන්නේ ඇගේ අවදානයට ලක්වෙන්න ඕන ප්‍රධානතම කාරණය වුණ නිසා අද ඇය යම්තාක්දුරකට ජීවිතයේ සාර්ථකත්වයට මග හෙළි කරගන්න සමත් වෙලා…

මේ කියන්නේ අන්න ඒ ගැන ඇසෙන කතාවක්.. ලෙසඳි ලුතාරා පෙරේරා..

මෙවර උසස් පෙළ විභාගයේ කතාබහට ලක්වුණු තවත් එක් ශිෂ්‍යාවක් වුණා.. නුගේගොඩ සුජාතා විද්‍යාලයෙන් වාණිජ අංශයෙන් මෙවර උසස්පෙළ විභාගයට මුහුණ දුන් ඇය දිවයිනේ තෙවන ස්ථානයට පත්වෙන්නට තරම් වාසනාවන්ත වුණා..

මේ ජයග්‍රහණය පසුපස ඇගේ නොමද කැපවීම වගේම ඇය පෝෂණය කළ දෙමාපියන්ගේ ආශිර්වාදයන් සහ මුල සිටම ඇයට නිවැරදි ලෙස මග පෙන්වා දුන් ගුරුවර ගුරුවරියන්ගේ කැපවීමත් එක්ව ඇති බවයි ලුතාරා හරිම ආදරණීය විදිහට කිව්වේ..

ඒ විතරක් නෙවෙයි, කලාප සහ පළාත් තරගවලදී විවිධ ජයග්‍රහණ රැසක් දිනාගන්නත් ඇය සමත් වෙලා.. තමන් අධ්‍යාපනය හදාරන විෂය කුමක් වුණත්, ලුතාරා කියන්නේ සාහිත්‍යට සමීප දරුවෙක්..

ඇය 2023 රාජ්‍යය සාහිත්‍ය සම්මාන උළෙලේදී හොඳම කෙටි කතාව වෙනුවෙන් වන සම්මානයද දිනාගන්න සමත් වුණා.. ඒ විතරක් නෙවෙයි, පාසල් ක්‍රීඩා පිටියේම ඇය කැපී පෙනෙන චරිතයක්..

ඒ ඇය මළල ක්‍රීඩා සඳහා දක්වන උපන් හැකියාව නිසායි.. පාසලේ විවිධ සංගම්වල තනතුරුද දරා ඇති මේ සිසුවිය ඇත්තෙන්ම ලොකු ආදර්ශයක්.. හැම දෙයක්ම සමබරව කරගන්නා ගමන් අධ්‍යාපන‍ය තුළින් මේ වගේ ජයග්‍රහණ දිනාගන්න බලාපොරොත්තුවෙන් ඉන්න තවත් දරුවන්ට ලුතාරා ලොකු උත්තේජනයක් කිව්වොත් ඒ කතාවේ වරදක් නැහැ..

Hiru Gossip




Leave a Reply

Your email address will not be published. Required fields are marked *