BREAKING NEWS
Search

ක්ලබ් එකේ රණ්ඩුවක් වුණු තැන මගේ යාළුවෝ 4ක් හිටියා.. මං රණ්ඩු කලේ නෑ..! – යෝෂිත

25

“මම වයිෆ් එක්ක ආවේ නයිට් ක්ලබ් එකට යන්න. ඒත් එදා ක්ලබ් එක ඇතුළේ ලොකු සෙනඟක් හිටියා. ඒ නිසා අපි දෙන්නා ඇතුළට නොයා පිටවෙලා ගියා. ඒ වෙලාවේ එතැන රණ්ඩුවක් වෙනවා දැක්කා. එතැන හිටිය හතර දෙනෙක් මගේ යාළුවෝ. මම ඒ රණ්ඩුවට සම්බන්ධයක් නැතැයි” යෝෂිත රාජපක්ෂ කොම්පඤ්ඤවීදිය පොලිසිය හමුවේ ඊයේ (25දා) කටඋත්තර ලබාදෙමින් කියා සිටියේය.

කොළඹ යුනියන් පෙදෙසේ පිහිටි රාත්‍රි සමාජශාලාවක ආරක්ෂක නිලධාරියකුට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් කොම්පඤ්ඤවීදිය පොලිසිය සිදුකරන විමර්ශනයකට අදාළව ප්‍රකාශ ලබා දෙමින් යෝෂිත රාජපක්ෂ මහතා මේ බව ප්‍රකාශ කර තිබේ.

යෝෂිත රාජපක්ෂ මහතා මෙන්ම ඔහුගේ බිරිඳගෙන් ද පොලිසිය ඊයේ ප්‍රකාශ ලබාගත් අතර පැය 3කට ආසන්න කාලයක් තිස්සේ මෙම ප්‍රකාශ ලබාදීම සිදුකර ඇත.

මෙම පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් දසදෙනකු පොලිසිය මේ වනවිට හඳුනාගෙන ඇති අතර ඔවුන් සියලුදෙනා පදිංචි ස්ථාන අතහැර ගොස් ඇති බව හෙළි වී තිබේ.

මෙම පහරදීමට සම්බන්ධව සැකකරුවන්ගෙන් වැඩිදෙනකු කොළඹ එක්තරා රගර් ක්‍රීඩා සාමාජියක ක්‍රීඩකයන් බවට හඳුනාගෙන ඇත. සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට කොම්පඤ්ඤවීදිය පොලිසියේ විශේෂ කණ්ඩායම් දෙකක් පුළුල් විමර්ශන ආරම්භ කර තිබේ.

මෙම පහරදීම සිදුවන අවස්ථාවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවැනි පුත්‍රයා වන යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ බිරිඳ එහි සිට ඇති බව පොලිස් විමර්ශනවලින් හෙළි විය. මොවුන් දෙදෙනා ප්‍රකාශ ලබාගැනීම සඳහා කැඳවා ඇතිතේ ඒ අනුවය.

හේමන්ත රන්දුණු
– Divaina




Leave a Reply

Your email address will not be published. Required fields are marked *