කොළඹ නගර සභාවේ බලය පිහිටීම සඳහා විවිධ කණ්ඩායම් ජාතික ජන බලවේගය සමඟ සාකච්ඡා කරමින් ඇති බව අමාත්‍ය විජිත හේරත් මහතා සඳහන් කරයි.
ඔවුන් තම පක්ෂය සමඟ කොළඹ නගර සභාවේ බලය පිහිටුවීමට කැමැත්තෙන් සිටින බවද හෙතෙම පැවසීය.
අග නගරය ගොඩනගන කොළඹ නගර සභාවේ වැඩපිලිවෙලට ඔවුන්ගේ සහයෝගය දීමට සූදානම් බවට ඔවුන් සහතිකයක් ලබා දී ඇති බවද හෙතෙම කියා සිටියි.
එ් අනුව පැහැදිලිවම කොළඹ නගර සභාවේ බලය ජාතික ජන බලවේග විසින් පිහිටුවන බවත් පැවසූ ඔහු තවත් පළාත් පාලන ආයතන බොහොමයක මන්ත්‍රීවරුන් පාලනය පිහිටුවීම සඳහා එක්වීමට කැමැත්තෙන් සිටින බවත් කියා සිටියේය.
කෙසේ නම් මෙම කිසිදු මන්ත්‍රීවරයෙකුට මුදල් දී පාලනයට එකතු කරගැනීමට තම පක්ෂය කටයුතු නොකරන බවත් ඒ මහතා තවදුරටත් පැවසී්‍ය.
උත්සව සභාවක් අමතමින් අමාත්‍යවරයා මේ බව පැවසුවේය.