BREAKING NEWS
Search

ගල්කිස්සේ වෙඩික්කරුවෝ ආ හැටි වීඩියෝව මෙන්න..!

2019

අද (05) උදෑසන ගල්කිස්ස, වෙරළ පාරට හැරෙන මංසන්ධියේ දී යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් තරුණයෙකුට වෙඩිතබන අයුරු දැක්වෙන CCTV දර්ශන පෙළක් ‘අද දෙරණ’ට ලැබී තිබේ.

වෙඩි තැබීමෙන් 19 හැවිරිදි තරුණයෙකු මියගොස් ඇත.

අද උදෑසන යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩිතැබීම සිදුකර පළා ගොස් ඇති බව පොලීසිය සඳහන් කළේය.

වෙඩි වැදීමෙන් තුවාල ලැබු තරුණයා කළුබෝවිල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, ඕබන් පෙදෙස, දෙහිවල ප්‍රදේශයේ පදිංචිව සිටි තරුණයෙකු බව සඳහන්ය.

ගල්කිස්ස පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *