BREAKING NEWS
Search

චණ්ඩ වූ ඩොනල්ඩ් ට්‍රම්ප් චීනයට හිස නමයි..?

370

චීනය සමග පවතින වෙළෙඳ යුද්ධය සම්බන්ධයෙන් එකඟතාවකට එළැඹීම පිළිබඳව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉඟි පළකර තිබේ.

ඔහු පවසා ඇත්තේ චීන ආනයන මත පනවන බදු ඉහළ නැංවීමට කටයුතු නොකරන බවයි.

මේ අතර එරට ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මාධ්‍යවේදියෙකු ට්‍රම්ප්ගෙන් කළ ප්‍රශ්න කිරීමක් පිළිබඳවද විදෙස් මාධ්‍ය වාර්තාකර තිබුණි.

එහිදී එම මාධ්‍යවේදියා “ජනාධිපති ෂී ජින්පින් ඔබ සමග සෘජුව කතා කළා ද?” යනුවෙන් විමසා ඇත.

ඊට පිළිතුරු ලෙස ජනාධිපති ට්‍රම්ප් පවසා ඇත්තේ, “එය එතරම් වැදගත් නැහැ. අපි චීනය සමග එකඟතාවකට එළැඹෙන බව මම විශ්වාස කරනවා” යනුවෙනි.

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *