මහාධිකරණය විසින් ඊයේ දිනයේ බරපතල වැඩ සහිතව සිර දඬුවම් නියම කරන ලද හිටපු අමාත්‍යවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ හා නලින් ප්‍රනාන්දු යන අය සිරකරුවන් රඳවා සිටින පොදු වාට්ටුවකට ඇතුළත් කර තිබේ.
ඔවුනට සිරකරුවන් සඳහා ලබා දෙන පැදුරක් සහ කොට්ටයක් හැරුනු කොට වෙනත් කිසිදු පහසු කමක් හිමිව නැත.
ඔවුන් බන්ධනාගාර වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කර සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා කිරීමෙන් අනතුරුව වැඩ පැවරීම අද දිනයේ සිදු කිරීමට නියමිතව ඇත.
අතුගෑමේ සිට දර පැලීම දක්වා කාර්යයන් දක්වා රාජකාරී පැවරීම ඔවුනට හිමි වූ දඬුවම අනුව හැකියාව ඇත.
Source : Lanka C News