BREAKING NEWS
Search

ජපානෙ ඉඳන් ලංකාවට ගෙනල්ලත් වරායෙන් වාහන ටික නිදහස් කරන්න ඉක්මන් වැඩපිලිවෙලක් තාමත් නෑ – වාහන ආනයන කරුවන්ගේ සංගමයෙන් දෝස්මුරයක්.!

29

ආනයනික වාහනවල මිල ගණන් ගැන ගොඩක් දෙනෙක් පසුගිය දවස්වල කතා කළා.. තවදුරටත් ඔබේ වාහන සිහිනය බොඳවී යයිද..?

මේ කියන්න යන්නේ අන්න ඒ ගැන ඇසෙන තවත් එක් ආරංචියක්.. මේ මොහොතේ ජපානයෙන් ආනයනය කරන ලද වාහන 400 ක් පමණ නිදහස් කර ගැනීමට නොහැකිව අර්බුදකාරී තත්ත්වයක් උද්ගතව තිබෙනවා..

මේ නිසා වාහනයක මිල තවත් රුපියල් 40,000 ත් 50,000 ත් අතර මිලකින් ඉහළ යනු ඇතැයිද ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරෙංචිගේ පැවසුවා..

මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළ බවයි වාර්තා වෙන්නේ.. මෙරටට වාහන 197 ක නැවක් මුලින් පැමිණි බවත්, දෙවනුවද වාහන සහිත නැවක් පැමිණි බවත්, ජපානයෙන් ආනයනය කරන ලද එකදු වාහනයක් මෙතෙක් නිදහස් කර ගැනීමට නොහැකිවී ඇති බවත් ඔහු පැවැසුවා..

වාහන ආනයනය ප්‍රකෘති කිරීමේදී ගත් වැරදි තීන්දුවක් මීට බලපා තිබෙන බවද ඔහු පැවසූ අතර, එසේම නිෂ්පාදිත දිනය මීට බලපා තිබෙන බවද ඔහු පැවසුවා..

මෙලෙස වාහන නිදහස් කර ගැනීමට ප්‍රමාද වීම මගින් සිදුවන්නේ වාහන මිලදී ගැනීමට සිටි පිරිස ඊට අඩු උනන්දුවක් දැක්වීම බවද ඔහු සඳහන් කළ අතර,හම්බන්තොට වරායේ වාහන ගාල් කිරීම සඳහා දින 10 ක නිදහස් කාල සීමාවක් ලබාදී තිබෙන බවත්, දින 10 ට පසුව රුපියල් 30,000 ත් 40,000 ත් අතර අමතර ගාස්තුවක් ගෙවීමට සිදුවනු ඇති බවත් පවසා තිබුණා..

Hiru News




Leave a Reply

Your email address will not be published. Required fields are marked *