BREAKING NEWS
Search

තවත් සභාපතිවරයෙක් ඉල්ලා අස්වේ – බිමල්ගේ අමාත්‍යංශයෙන් අස්වූ තුන්වැනි සභාපති..!

28

ආචාර්ය බන්දුල දිලීප විතාරණ මහතා ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති ධුරයෙන් ඉල්ලා අස් වී තිබේ.

අදාළ ලිපිය ප්‍රවාහන අමාත්‍යාංශ ලේකම්වරයා වෙත යොමු කර ඇත.

විතාරණ මහතා නාවල විශ්ව විද්‍යාලයේ කථිකාචාර්යවරයෙක් ලෙස සේවය කරන අතර ජාතික ජන බලවේග ප්‍රවාහන කමිටුවේ ප්‍රධානියා ලෙසද කටයුතු කරයි.

ඇමැති බිමල් රත්නායක මහතා යටතේ ඇති ආයතනවල ඉල්ලා අස්වූ තුන්වෙනි සභාපතිවරයා වන්නේ විතාරන මහතායි.

මීට පෙර රමාල් සිරිවර්ධන මහතා ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති ධුරයෙන් හා වෛද්‍ය රුවන් විජය මුණි මහතා ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ සභාපති ධූරයෙන් ඉල්ලා අස්විය.

Source : Lanka C News




Leave a Reply

Your email address will not be published. Required fields are marked *